free hit counter

“මොළයක් නැද්ද ගොඨාට කුණු බැණුම්” – පොර්ට්සිටියේ වගකීම මහින්ද අතට

ඊයේ මන්ත්‍රී විජයදාස රාජපක්ෂට දුරකථනයෙන් තර්ජනය කිරීම සම්බන්ධයෙන් මහින්ද විසින් ගොඨාට තරවටු කර ඇති බවත් රාජ්‍ය නායකයෙකුට ඔබින පරිදි ක්‍රියා කරන ලෙස පවසා ඇති බවත් අභ්‍යන්තර තොරතුරු වාර්තා කර තිබේ.

ඒ අනුව පොර්ට්සිටියේ ඉදිරිකටයුතු සඳහා වගකීම අගමැති මහින්ද රාජපක්ෂ විසින් භාර ගැන ඇති බව වාර්තා වේ

ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගර විශේෂ කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු අතර විශේෂ සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අතර සදුදා දිනයේ පැවැත්වෙන සාකච්ඡාවේ දී ද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් වනු ඇති බව වාර්ථා වේ .

එමෙන්ම සදුදා දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ද රැස්වන අතර එහිදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

.

Facebook Comments