free hit counter

මුරුතෙට්ටුවේ ආනන්ද හිමිගෙන් විජයදාසට බලු බැනුම්

පෙරේදා (15) පැවති මාධ්‍ය හමුවක් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ විසින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රජාපක්ෂට සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට තර්ජනය කිරීමක් පිළිබඳ විජයදාස රාජපක්ෂ විසින් හෙලිකිරීමක් කරන ලදී.

කෙසේ වෙතත් මේ වනවිට වාර්තා වන්නේ එම මාධ්‍ය හමුවේදී මෙතරම් දුරට රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කිරීම පිළිබඳ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් විජයදාස රාජපක්ෂට බැනවැදී ඇති බවයි.

ආණ්ඩුව විවේචනය කිරීම සිදු කළ යුතු වුවත් මෙතරම් කැත කතා කියමින් දරුවන් පවා සම්බන්ධ කරගනිමින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බයට පත්ව සිටින බවක් පෙනෙන්නට ඇති බවත් විශේෂ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Facebook Comments