free hit counter

කාටවත් යටත් නොවන්න වරාය නගරයේ ඩිජිටල් මුදල් ඒකකයක් භාවිතා කරන්න

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇති ප්‍රධාන මූල්‍ය නීති වෙනස්කමක් වන්නේ “පොර්ට් සිටි” හෙවත් වරාය නගරයේ මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා වේ වලංගු මුදල් ඒකකය වන රුපියල් භාවිතය අහෝසි කිරීමයි.
ඒ අනුව එහි මුදල් ඒකකය ලෙස විදේශ මුදල් ඒකකයක් භාවිතයට ගැනීමට නියමිතය.

පොර්ට් සිටියේ මුදල් ඒකකය ලෙස ඇමරිකානු ඩොලරය හා චීන යුවාන් යන මුදල් ඒකක දෙක අතරින් එකක් තෝරා ගැනීමට ඉඩ ඇතිබවත්, මෙලෙස භාවිතා කරන මුදල් ඒකකය අයත් වන පිළ දකුණු ආසියානු කළාපයේ බලය හිමි පාර්ශවය ලෙස ලෝක දේශපාලනයේ සලකුණු වීමටත් නියමිත බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර තිබේ.

නමුත් දේශපාලන විචාරකයන් පවසන්නේ නව තාක්ෂණයට මූළිකත්වය දෙමින් ඩිජිටල් මුදල් ඒකකයක් භාවිතා කිරීමට කොළඹ වරාය නගරය තීරණය කරන්නේ නම් අනවශ්‍ය අන්තර්ජාතික දේශපාලන පීඩනයන් පහසුවෙන් විසඳාගත හැකි බවය.

Facebook Comments