free hit counter

ටෙස්ට් වරම් නොලද අමතර වේගපන්දු යවන්නන් තිදෙනෙක් ශ්‍රී ලංකාවට

ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරඟාවලියේදී අමතර වේග පන්දු යවන්නන් තිදෙනෙක් තම කණ්ඩායමට එකතු කර ගැනීමට බංගලාදේශ ක්‍රිකට් පරිපාලනය තීරණය කර තිබුණා.ශ්‍රීලංකාව වෙත ලඟා වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නායක මොමිනුල් හක්‌ ප්‍රකාශ කර සිටියේ ශ්‍රීලංකාව සමඟ තරඟ වැදීමේ දී අමතර වේග පන්දු යවන්නන් අත්‍යවශ්‍ය කාරණයක් බවයි.

“අපි බටහිර ඉන්දීය තරඟාවලියේ දී එක වේග පන්දු යවන්නෙක් යොදා ගෙන පත් වූ අපහසුතාවය නැවත අත්දකින්නට කැමැත්තක් නැහැ.ඒ නිසා තණතිල්ල සුදුසු නම් අපි වේග පන්දු යවන්නන් 3,4 වුනත් යොදාගන්න පසුබට වෙන්නේ නෑ”
වැඩිදුරටත් අදහස් දැක් වූ බංගලාදේශ නායකයා කියා සිටියා.

කෙසේ වෙතත් දැල වෙත පුහුණු වේගපන්දු යවන්නන් ලබා දීම ශ්‍රී ලංකාවේදී සිදුවන්නේ නැහැ.ඒ නිසා අමතර පන්දු යවන්නන් රැගෙන එමට ද බංගලාදේශයට සිදු වී තිබෙනවා.

“ශොරිෆුල් ඉස්ලාම්”,”මුකිදුල් ඉස්ලාම්” සහ “ශොහිදුල් ඉස්ලාම්” මෙලෙස ටෙස්ට් වරම් නොලද වේගපන්දු යවන්නන් ලෙස 21 දෙනෙකුන් යුතු ටෙස්ට් සංචිතයට එක්වන විට 2016 පසු ටෙස්ට් තරඟයක් ක්‍රීඩා නොකළ “ශුවගාටා හොම්” ද සංචිතයට ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.

Facebook Comments