free hit counter

චම්පික එක්ක එකතුවෙන්න කැමතියි – උදය ගම්මන්පිළ

පසුගිය කාලයේ පාඨලී චම්පික රණවකට වඩා හිට්ලර් හොඳ යයි ද “පාචලී රණවක”ලෙස උපහාසයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ එම ස්ථාවරය මේ වන විට වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ.

ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කරන්නේ පාඨලී චම්පික රණවක මහතා සමග තමාගේ කිසිදු තරහක් නොමැති බවය.

පාඨලී චම්පික රණවක මහතා සහ තමා අතර බෙදීම ඇතිවූයේ 2015 ජනාධිපතිවරණය අරභයා ඇති වූ ප්‍රතිපත්ති හේතූන් මත බවත් එදා තමා දුටු දේ චම්පික රණවක මහතා දුටුවානම් අද තමන් දෙපළ අතර බෙදීමක් ඇති නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

2015 ජනාධිපතිවරණය වන තෙක් සිහළ උරුමය හා ජාතික හෙළ උරුමය හරහා පාඨලී චම්පික රණවක හා උදය ගම්මන්පිල යන මහත්වරුන් වසර 15 ට අධික කාලයක් එකට එක්ව දේශපාලනය කළේය.

Facebook Comments