free hit counter

කමලා හැරිස් ඝාතන තැතක්

ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් ඝාතනය කරන බවට තර්ජනය කළ 39 හැවිරිදි හෙදියක් ඊයේ (17) දිනයේ දී ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාහි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පරික්ෂණය සඳහා ඇමෙරිකානු FBI සංවිධානය ද සම්බන්ධ වී තිබුණු වන අතර පොලීසිය සමඟ කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව නිවියන් ෆෙල්ප්ස් නම් මෙම හෙදිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් සිය කමලා හැරිස් දින 50ක් තුළ ඝාතනය කිරීම තමන්ගේ සැලසුම බවත් ප්‍රකාශ කරන ලද වීඩියෝපට කිහිපයක් ද සොයාගෙන ඇති බව සඳහන් වෙයි.

එමෙන්ම ඇය අවි පුහුණුව ලබා ගැනීමට ගොස් සිටින ඡායාරූප මෙන්ම, ගිනි අවි බලපත්‍රයක් ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලුම් පත්‍රිකාවක්ද රහස් අංශ විසින් සොයාගෙන තිබේ.

Facebook Comments