free hit counter

ලංකාවේ පොලීසිය චීන ඔත්තු මර උගුලක පැටලෙයිද

චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහුගේ පැමිණීම සංඛේතවත් කරමින් පොලීසිය සඳහා සන්නිවේදන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා චීන රජය ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලබා දීමට නියමිතය.

චීන ප්‍රදානයේ කොටසක් ලෙස, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලිස් ස්ථාන අතර සන්නිවේදනය වැඩි දියුණු කිරීම සඳහා පුළුල් ලෙස භාවිතා වන සන්නිවේදන පහසුකමක් වන “ටෙට්‍රා” හෙවත් Terrestrial Trunked Radio පොලීසියට ලබා දෙනු ඇත.එසේම බොඩි කැමරාවලට සහාය වීම සඳහා ටැබ් ලබා දෙන අතර, එය බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන සඳහා මුලින් ලබා දෙනු ඇත.

ටෙට්‍රා සන්නිවේදන පද්ධතිය මගින් පොලිස්පතිවරයාට නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් ස්ථාන භාර නිලධාරීන් වැනි වෙනම කණ්ඩායම් ඇමතීමට හැකි වේ.

චීනය මෙවැනි තාක්ෂණික උපකරණ භාවිතා කරමින් කුඩා රටවල සමාජ, දේශපාලන, ආර්ථික වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය ඔත්තු ලබා ගන්නා බවට ජාත්‍යන්තර මට්ටමේ චෝදනාවට ලක්ව තිබේ.

Facebook Comments