free hit counter

රංජන් නිදහස් කරගන්න සජිත්, ගෝඨාභයට අලුත් අවුරුදු දා දුන් දුරකථන ඇමතුම

පසුගිය අප්‍රේල් 14 වනදා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් අලුත් අවුරුද්දට සුබපැතීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

මෙම දුරකථන ඇමතුම සම්ප්‍රධායිකව ජනාධිපති, අගමැති, විපක්ෂනායක වැනි තනතුර දරණ පුද්ගලයන් අතර සිදුවන්නක් බැවින් එහි අමුත්තක් නොමැති නමුත් මෙවර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයා වෙත ලබා දුන් දුරකථන ඇමතුම විශේෂ එකක් වූයේ පෞද්ගලික ඉල්ලීමක් ලෙස සජිත් විසින් රංජන් රාමනායකට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලීම හේතුවෙනි.

ඒ අනුව රංජන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින අතර එහි එක පියවරක් ලෙස නාමල් රාජපක්ෂ පසුගියදා රංජන් රාමනාය බැලීමට බන්ධනාගාරයට ගොස් තිබේ.

Facebook Comments