free hit counter

නවසීලන්ත ක්‍රිකට් සම්මානය රමේෂ් සුබසිංහට

හොදම ක්‍රිකට්  සංවර්ධන නිලධාරියා ලෙස රමේෂ් සුබසිංහ  සම්මානයට පාත්‍ර වී තිබෙනවා.ලංකාවේ මීගමුවේ උපත ලද   ඔහු මේ වනවිට නවසීලන්තයේ පදිංචි ව සිටින අතර නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් සංවර්ධන නිලධාරියෙක් ලෙස සේවය කරමින් සිටියදී මෙම සම්මානයට පාත්‍ර වුණා.

ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා  සාන්ත පීතර විද්‍යාලයෙන් උසස් පෙළ  හැදෑරු ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ද වෙනවා.එසේ ම එංගලන්තය,නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවේ සහ   ICC පුහුණුකරු පාඨමාලා හදාරා තිබෙන රමේෂ් ශ්‍රීලංකා පළමු පෙළ තරඟවලට NCC කණ්ඩායම් නියෝජනය කරමින් සහභාගී වී තිබෙනවා.චාමර කපුගෙදර,
ශ්‍රී ලාංකික  ඇන්ජලෝ පෙරේරා, ෆර්වේස් මහරූෆ්, දුෂ්මන්ත චමීර, දික්වැල්ල, ලසිත් මාලිංග, උපුල් තරංග, දිනේෂ් චන්දිමල් වැනි ක්‍රීඩකයින් සමඟ  ක්‍රීඩා කර ඇති ඔහු 2007 වසරේ මෙරටින්  පිටව එංගලන්තයේ ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කර තිබෙනවා.
“මම නවසීලන්තය යට ආවේ  ක්‍රිකට් පුහුණු කරුවෙක් වශයෙන්. ඒ 2015 දී.මම මුලින්ම “තරනාකි ක්‍රිකට් “ක්‍රීඩා සංගමයේ  වැඩ කළා.ඒක  මධ්‍යම දිස්ත්‍රික්කයේ ක්‍රිකට් පාලනය කරන ආයතනයක්.මම දැන් වැඩ කරන්නේ උතුරු දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංගමයට වැඩ කරනවා.ඒ වගේම ඒ දිස්ත්‍රික්කයේ 19 න් පහළ  පුහුණුකරු වගේම එහි A කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසත් වැඩ කරනවා.”
“මට ලැබුනේ සමස්ත නවසීලන්තයෙන් ම  ‘හොදම ක්‍රිකට් සංවර්ධන නිලධාරියාට ‘ හිමි සම්මානයයි”.
එසේ පවසන මේ 37 හැවිරිදි ශ්‍රී ලාංකික දක්ෂයා ගේ සහෝදරයා  ශ්‍රිලංකාවේ දක්ෂ සංගීත ශිල්පියෙක් වන දිනේෂ් සුබසිංහයි.

Facebook Comments