free hit counter

ලංකාවේ එකම අයුරේවේද සහ දේශීය වෛද්‍ය කෞතුකාගාරය – මහියංගනය

පසුගිය දිනක මහියංගනයේ සංචාරය කල නවබිම කණ්ඩායමට මුණ ගැසුණු ධෛර්ය සම්පන්න ම්නිසෙකුගේ පරාර්ථකාමී සමාජ මෙහෙවර ගැන තබන සුවිශේෂී සටහනකි මේ.

with In Nature (WIN ) ශ්‍රී ලංකාවේ එකම සහ විශාලතම අයුරේවේද සහ දේශීය වෛද්‍ය කෞතුකාගාරය දඹාන මහියංගනයේ පිහිටා තබෙනවා.මහියංගනයෙන් පදියතලාව දෙසට කිලෝමීටර් 10 පමණ පැමිණි පසු දඹාන වැදි ගම්මානය මාර්ගයේ පිහිටා ඇති මෙම ස්ථානය දේශීය ආයුර්වේද ගැන ලංකාවේ මිනිසුන්ට දැනුම ලබා ගන්නට වගේම පර්යේෂණ කරන්නට පිටුවහලක් සපයන මනරම් පරිසරයක පිහිටි අපුර්ව ස්ථානයක්.
සෑම දේශීය ඖෂධයක් ගැනම මෙහි සටහනක් තිබෙනවා.ඒ වගේම අප නොදුටු බොහෝ ඖෂධ වර්ග මෙහි දැක ගන්නට හැකියාව තිබෙනවා.ඖෂධ සකසා ගන්න ආකාරය සේම ඒවායේ ප්‍රභේද ඇතුළු සමස්ත ආයුර්වේදයේ පවතින අප නොදුටු,නොඇසූ කතාවක් මේ තුළ නිර්මාණය කර තිබෙනවා.

මෙවැනි නිර්මාණයක් කළ මේ කතාවේ කතානායකයා මා සමඟ කළ කතාබහ නම් එතරම් සුන්දර නැහැ.
ඒ තුළ ඇත්තේ මේ රටේ වටිනා දේ වෙනුවෙන් නිසි පියවර නොගන්නා රාජ්‍ය පරිපාලනයේ සහ දේශපාලනයේ විපරීත බවයි.

“මිලියන 145 වියදම් කරලා තියනවා.ආයුර්වේද කොමසාරිස් වත් ඇවිල්ල නෑ.කීවට ගනන් ගන්නේ නෑ.වැඩකුත් නෑ.මම යි බිරිදයි දෙන්නම කේරළ පංචකර්ම පිලිබඳ ව ඉන්දියානු ආයුර්වේද ඇකඩමියෙන් අධ්‍යාපනය ලබල එහි ආචාර්යවරු විදියට කටයුතු කරනවා.”
වෛද්‍ය එච්. විතානච්චි සහ ඔහුගේ බිරිද වෛද්‍ය මාලි විතානච්චි මා සමඟ කලකිරීමෙන් යුතුව කතා බහට එකතු වුණා.
“පරණ ජීවකයෝ කුහක කමට මේ දේවල් අනාගත පරම්පරාවට කියල දුන්නේ නෑ.ඒ නිසයි මේ දේවල් මම කළේ.”

“රාජිත සෞඛ්‍ය ඇමති වෙලා ඉද්දි මේ ස්ථානය බලන්න එන්න හැමදේම ලෑස්ති කළා. එනව නම් සෙනග ඉන්න ඕනෑ කියල කිවා.මඩු ගහල මිනිස්සුන්ට ඉන්න තැන් ලෑස්ති කළා.රුපිය ලක්ෂ 6 විතර වියදම් කළා.අවසාන විනාඩියේදී හෙලිකොප්ටරේ නෑ කියලා ගමන කැන්සල් කළා.
තව දවසක් සිරිසේන ජනාධිපති එනවා කියල දවස් දෙකකට පස්සේ ඉතාලි ගිහින් තිබුණා.”

“හැම නාලිකාවකින්ම විවිධ වැඩසටහන් තුළින් මේ ගැන කතා වුණා.එත් රජය අද වෙනකම් මේ ගැන උනන්දුවක් දක්වලා නැහැ.”
ඔහු මේ ගැන රටට කියන්නට දැක් වූ උනන්දුවට එය කදිම නිදසුනක් .

 

image.png

 

“ඒ විතරක් නෙවෙයි,දවසක් මෙතන ඉදිරිපිට වහනයක් නවත්වල අම්ම කෙනෙක් හයියෙන් කෑ ගහනවා.අවුරදු 17,19 වගේ දරුවෝ දෙන්නෙක් වාහනෙන් බහින්නේ නෑ. ඒ දෙන්නා රියලිටි එකෙන් තමන් සපෝර්ට් කල කෙනා දිනුවේ නෑ කියල දුකට වාහනේට වෙලා ඉන්නවා.ඒ තමයි රටේ අනාගත පරම්පරාව.මාධ්‍ය තමයි ඒ තැනට මේ සමාජය පත් කරල තියෙන්නේ.දැන් සින්දුවක් කියල දිනුවම හෙලිකොප්ටරෙන් මල් දානවා.”

මේ රටේ විපරීත මාධ්‍ය සංස්කෘතියට ගැන ඔහුට තිබෙන අදහසයි ඒ .

“ආයුර්වේදය කියන්නේ ‘ධනවන්තරී’ ගෙන් පැවත එන දෙයක් ඒක ලිය වෙන්නේ සංස්කෘත භාෂාවෙන් .හෙළ වෙදකම එන්නේ ලංකාවේ රවණා ගෙන්.එක ලියවුණේ කැඩිච්ච සිංහලෙන් .මේ දෙක පටලවගන්න නරකයි.ඒ නිසා අපිට කැමති කැමති දේ දාල බෙහෙත් හදන්න බැහැ.ඒ හැමදේටම ශ්ලෝකයක් ලියවිලා තියනවා.”
.
“ස්වස්ථස්ථ ස්වස්ථ රක්ෂනං
ආතුරක්ෂ විකාර ප්‍රසමනං”

” නීරෝගී පුද්ගලයාගේ නිරෝගිකම ආරක්ෂා කර ගැනීම ත් රෝගියාගේ රෝගයා සුවපත් කිරීමත් ආයුර්වේදයේ මුඛ්‍ය පරමාර්ථයයි.”

ආයුර්වේදය ගැන පැහැදිලි කරමින් ඔහු කියූ කතාව, පසුගිය කාලයේ ආන්දෝලාත්මක කතාබහ ඇති වූ යම් යම් සොයා ගැනීම් සම්බන්ධ ජනතාවගේ ප්‍රශ්නය ට හොද පිළිතුරක්.

 

image.png

 

කොවිඩ් 19 වලට ආයුර්වේදය පිහිට කරගන්න බැරි ඇයි.?ඒ වගේම මේ වෛරසය ගැන ආයුර්වේද ය විග්‍රහ කරගන්නේ කොහොමද?

“දැන්, කොවිඩ් වල අවසාන භාගය තමයි සන්නිය.ඉතින් ආයුර්වේදය තුළ ඒ වගේ සන්නි 64000 ක් කියවෙනවා.සන්නිය කියන්නේ උණ හැදිලා හැදිලා ගැහිලා තමයි මැරෙන්නේ.”

සියලු සන්නි සහ කෝළ වලිප්පුද උල්කුත්තුව පුරකුත්තුව දා
තොලකට වියලී පිපාස ඇවිළිලි උණ සහ වැදුගෙයි සන්නි තදා
“මේ තමයි සන්නි ගැන කියන විදිය”

“ඊට පස්සේ කියන්නේ ප්‍රතිකර්ම ගැන”

‘දෙහි ද දොඩම් නික බටු යකි නාරං හීනු නාරං දළු ද යොදා
වන පල ඔලිඳද කුප්පමෙනි කුබුරුද දළු එම ඇට ලසුන යොදා
මෙම ඔසු තම්බා යුෂ මැඩ මී පැණි සිනි ගිතෙල් දොඩඇ බුලෙන් යොදා
තන කිරි චන්දන කතක ද ගල ගා දීපන් සැම ලෙඩ යාය මුදා’

‘සෙම් පැන නැගුමේ මුණේ දහදිය නොබසින උණ ගති ඇම්ම තදා
හාරදහස් හැට හතරක් සන්නිය දුටුවිට දීපන් මෙඔසු යොදා ‘

“මම ඉන්හේලර් එකක් කෝවිඩ් වලට හදුන්වා දුන්නා.ඖෂධ කිහිපයක් එකතු කරලා තමයි ඒක නිර්මණය කලේ.”
දැනට 5000 ක් 6000 ක් විතර කොළඹ සහ අවට අය පාවිච්චි කරනවා.

ඔහු කියන ආකාරයට මේ හැම ඖෂධයක් ම ලංකාවේ හොයගන්න තියනවා.ප්‍රශ්නය නම් මේ සම්බන්ධව රජය මන්දගාමී පිළිවෙතක සිට කටයුතු කිරීමයි.

image.png

“මම මේ කෞතුකාගාරයේ තියල තිබුණා, නුවර කලාවියේ අන්තිම අදිකාරම් ළඟ තිබුණු අවුරුදු 600 විතර පරණ කුළු හක් ගවයෙකුගේ අඟක් .මේ ගවයා ඉදල තියනවා අවුරුදු 1500 කට කලින් ලංකාවේ. ඕනෑම ගවයෙකුගේ ශක්තිය තියෙන්නේ අඟේ.පුස්කොල පොතේ තියනවා 41 ජාතියක ඖෂධ ඇතුළත් කරලා.ඒකේ කංසා ත් තියනවා.මී පැණි මිශ්‍ර කරලා මේ අඟ ඇතුළට දාල දවස් 41 තියනවා.42 දවසේ දිවේ ගෑවම අර කුළු හරකාගේ ශක්තිය එනවා කියල තියනවා.ඔය සීගිරි කාශ්‍යප ලා,ගල් කඩවලා.මහා වැව් බැදලා තියෙන්නේ,ඉතිහාසේ යෝධයෝ කිව්වේ මේ වගේ දේවල් අරගෙන තමයි.
අවසානයේදී එකත් වන ජීවි එකෙන් අරන් ගියා.දැන් එක රාජ සන්තකයි.”

ඔහු සිදු කර තිබෙන දේ දුටු මගේ ඇස දහගන්නට බැරි උණා.ඒ වගේම ඒ නිහතමානී මිනිසා තුල තිබු කලකිරීම් මිශ්‍රිත හැගීම් හෙළි කළේ මේ රටේ දේශපාලකයින් ජනතාවට තිබෙන ආදරය.

“මම කවදාවත් ආධාර ඉල්ලනෙත් නෑ.
මගේ වියදමින් හැමදේම කළේ. අනාගත පරම්පරාව වෙනුවෙන් මේ දේවල් ඉතිරි කරන්න.” ඔහු කියන්නේ බිදුණු හඬකින්..

“ගෝඨාභය ජනාධිපති තුමා මගෙන් ඇහුවා. මගේ අත් දෙක අල්ලාගෙන”

‘කොහෙද තියෙන්නේ? සෙනග එනවද? එහෙනම් කරගෙන යන්න කියලා.’

“අනුරාධපුරේ පිච්ච මල් පුජාව වගේ ලොකු සෙනග එන එකක් නම් හැමෝම එයි.මේක ඇවිත් දෙයක් අරගෙන යන තැනක්.අපේ දේ ආරක්ෂා කරන තැනක්.
රජයට තියෙන්නේ මේ ගැන කියන්න විතරයි.නැත්නම් මේක රජයට පවරාගෙන කරගෙන යන්න
දැන් මට මේ දේවල් නඩත්තු කරගෙන යන්න බැහැ.”

“ඇත්තටම එයාලට මේවා වැඩක් නෑ .ම න් මේ දේ තව වැඩි කාලයක් කරන්නේ නෑ.මේ හැමදේම ධර්ම ආයතනයකට දීලා රටින් පිට වෙනවා.මගේ පුතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.එයා මෙහෙ එන්නෙත් නෑ.
මගේ අවසාන කාලයේ හොද වැටුපක් අරන්.නිදහසේ ඉන්න පුළුවන්.”

ඔහු තුළ තියෙන්නේ මේ රටේ පාලකයින් ගැන කලකිරීමක්.
ඒ වගේම මිනිස්සු හැල්මේ දුවන ජීවිතය ගැන කලකිරීමක්
අපේ දේ රැක ගන්න වීරිය දරපු,ඒ වෙනුවෙන් තම ධනය පරිත්‍යාග කරපු අව්‍යාජ මිනිසෙකුගේ පශ්චාත්තාපයක්.
මේ අවසාන අවස්ථාවයි,
මේ වෙනුවෙන් ඉදිරිපත් වන්න.
මෙය නරබන්න .ලෝකයට කියන්න.රැක ගන්න .ඒ මේ රටේ අනාගතය බව මතක තබා ගන්න.

 

 

 

Facebook Comments