free hit counter

මහරගම නගර සභාවේ ගැබිණි මන්ත්‍රීවරියට පහර දීමක්

මහරගම පොලිසිය සඳහන් කරන්නේ මහරගම නගර සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියක එම නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරියක ට පහර දුන්නේ යැයි චෝදනා මත මෙම අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පහර කෑ මන්ත්‍රීවරිය ගැබිණියක් වන අතර ඇය පහර කෑම හේතුවෙන් ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඉකුත්දා පැවති අවමංගල උත්සවයකට සහභාගි වීමේ දී දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව පහර දී තල්ලු කර දැමූ බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරිය පොලීසියට සිදු කළ පැමිණිල්ලේ දැක්වේ.

එදින තමනට හටගත් උදරයේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත වූ බවද ඇය පැමිණිල්ලේ තවදුරටත් සඳහන් කර ඇත.

Facebook Comments