free hit counter

ජනමත විචාරණයකට යා යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධව පන නැගී ඇති අර්බුදකාරී තත්වය හමුවේ
ජාතික විද්වත් සංඝ සභාව අද බුද්ධ සාසන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් බාර දෙනු ලැබුවා.
වරයා නගරයෙන් එක රටක් නීති දෙකක් ඇතිවන් බවත් එය කිසිසේත්ම සිදු වීමට ඉඩ දියා නොහැකි බවත් මේ සම්බන්ධව අදහස් දැක වූ ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකශ කර සිටියා.

අදාළ පනත් කෙටුම්පතේ 52, 53 සහ 73 වගන්ති ශ්‍රී ලංකා රජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත් ඒ තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය උල්ලංඝනය වන බවත් පැවසු උන්වහන්සේ,
“ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය වෙනස් කරනවානම් සාමාන්‍ය බහුතර ජන්දයෙන් සම්මත කරන්නට බැහැ.තුනෙන් දෙකෙනුත් බැහැ.ජනමත විචාරණයකට යා යුතුයි.” යනුවෙන් අදහස් දක්වා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක් වූ උන්වහන්සේ,
“වත්මන් රජය බලය ට අවේ එක රටක් එක නීතියක් සංකල්පය රකින්න”දන් ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කරන්නේ.”
මෙම පනතට අනුව,
සුරාබදු විශේෂ විධිවිධාන පනත
රෙගු ආරක්ෂණ පනත
ඔට්ටු ඇල්ලීම හා සූදු බදුපනත
විනෝද බදු පනත
විදේශ විනිමය පනත
කැෂිනෝ ව්‍යාපාර නියමන පනත
වැනි පනත් ගණනාවකින් නිදහස හිමි වන බවත් මෙය ජාත්‍යන්තර දුරාචාරයේ තෝතැන්නක් සහ
කළු සල්ලි සුදු කිරීම සදහා මධ්‍යස්ථානයක්ද වන බවක් පෙනෙන්ට ඇති බවද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.

Facebook Comments