free hit counter

කෝවිඩ් එන්නත දෙවෙනි මාත්‍රාව මැයි පලමු සතියේ සිට

Oxford-AstraZeneca කෝවිඩ් -19 මර්ධන එන්නතේ දෙවෙනි මාත්‍රාව මැයි මස පලමු සතියේ සිට ලබා දීමට තීරණය කර ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව ඊට අදාල එන්නත් ප්‍රමාණය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බව ඔහු පවසයි.

ඉන්දියාවේ සේරම් ආයතනය අණවුම් කර ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණය මෙරටට ලබාදීම සම්බන්ධයෙන් මේ වනතෙක් එම ආයතනයෙන් යහපත් ප්‍රතිචාරයක් නොමැති බව රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථවේ සාමාන්‍යධිකාරී දිනුෂ දසනායක ප්‍රකාශ කර සිටි අතර කෙසේ වෙතත් එම තොගය ඉක්මනින් ලබා ගැනීමට රජය කටයුතු කරන බව ඒ මහතා පවසා සිටී.

Facebook Comments