free hit counter

වික්ටෝරියා වේල්ලේ නැරඹුම් මැදිරිය තාවකාලිකව වසා දමයි

වික්ටෝරියා වේල්ල නැරඹීමට දිනපතා විශාල පිරිසක් පැමිණෙන බැවින් පවතින කෝවිඩ් වෛයිරසය පැතිරිමේ අවදානම හේතුවෙන් නැරබුම් මැදිරිය නැවත දැනුම් දෙන තුරු වසා දැමු බව මහවැලි අධිකාරිය ප්‍රකාශ කරයි.

මෙම නැරඹුම් මැදිරියේ කුඩා ඉඩ ප්‍රමාණයේ දෛනිකව විශාල පිරිසක් එක් රැස් වෙන බැවින්, වෛයිරසය පැතිරීමේ වැඩි ඉඩකඩක් ඇති බැවින් මෙම තිරණය ගත් බව ඔවුන් පවසයි.

නැවත විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.

Facebook Comments