free hit counter

‘මගේ සැමියාත් ,දරු දෙන්නත් මිය ගියේ එක් වරයි.මම ගත වෙන හැම තත්පරයකම මැරෙනවා’

සරන්යා, ඇය මවක්. තවත් දින දෙකකින් ඇයගේ සුරතල් පුතු තුරුළට ගෙන දෑස් අඟ රැදෙන කදුළු සඟවමින් තම පුතුගේ උපන් දිනය සමරනු ඇත.ඇය ගේ දරු ගැබට මාස 9 ක් සපිරුණා පමණි. ඒ ඉරිදාව, දෙවියන් වහන්සේ මළවුන්ගෙන් නැගිට මිනිසුන් වෙනුවෙන් දේවත්වයට පත්වන දිනයයි.ඒ පාස්කුව දෙවියන් ගේ කැමැත්ත නො විමසා ම මිනිසුන් 269 ක ගේ ජීවිත එක් විනාඩියක් තුළ බිළි ගනිද්දී ඇයගේ ආදරණීය සැමියාද ඇය හැරදා යන්නට ගියේ ය.
ඇයගේ ඒ අමිහිරි මතකයට වසර දෙකක් පිරෙන මොහෙතේ ද සාධාරණත්වය ඇය වෙත ළඟා වී නොමැත.
“මට මගේ දරුවාගේ උපන්දිනය සමරන්න බැහැ.මගේ සැමියාට කවදාවත් මගේ පුතා දකින්න උණේ නැහැ.මගේ සැමියා මියගිය දිනයට පසු දිනයේ මගේ පුතා ඉපදුණේ.
ඒ දවසේ ඇතිවුණු හැගීම වෙන කිසිම ගැහැණියකට දැනෙන්නට එපා”
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බිත්ති අතර ඉකි ගසනා මිනිසුන්ගේ ආත්මයන් නැවත කිසිවෙකුටත් සුවපත් කල හැකිද?
දරුවන්ට තම පියවරුන්,මවුවරුන් අහිමි කළ,මවුපියන්ට තම ඇස් දෙක වන් දරුවන් අහිමි කළ ඒ ඛේදජනක කතාවේ සරන්යාගේ පරිච්ජේදය වෙනස්ම එකකි.
තම ලෙයින් තැනුණු පුතු නොදුටු පියෙකුගේ මරණය සේ ම,තම පියා නොදුටු දරුවෙකුගේ උප්පත්තිය පැය 24 ක් ඇතුළත විඳ දරා ගනීමින් ඒ අමිහිරි මතකයේ ජීවත් වීම,කෙතරම් පීඩාවක් ද යන්න ඔබට මෙන් මේ අකුරු අමුණන මට ද නො වැටහේ.

ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පාස්කු මතකයේ අමිහිරි යටගියාව හෙට දින යළි මීගමුවේ මිනිසුන් ගේ හදවත් රිදවනු ඇත.ප්‍රහාරයේ වගකීම සොයන පාස්කු කොමිසමේ සාමාජිකයින්ගේ හදවතේ සාක්ෂිය හෙට දිනයේ දී වත් ඇය ඉදිරියේ විග්‍රහ කළ හැකි වේවි ද ?
අනුෂා කුමාරි,දෙදරු මවක් ඇය ගේ ආදරණීය සැමියා සහ දරු දෙදෙනා බෝම්බයේ ත්‍රස්තයන් විසින් බිලි ගෙන හමාර ය. අද බොද වූ දෑසින් දෙවියන් දෙස බලා ඇය අයදින්නේ කුමක්ද?
“මගේ සැමියාත් ,දරු දෙන්නත් මිය ගියේ එක් වරයි.මම ගත වෙන හැම තත්පරයකම මැරෙනවා.”
සදාතනිකව ඇය වෙත ඉතිරි කළ ඒ මතකය ,ඇයට අහිමි වූ ඇගේ ජීවිතය නැවත ලබා දිය හැකිද ?

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පුපුරා ගිය බෝම්බය එහි සිටි කිසිවෙකුත් විශ්වාස නොකරන්නට ඇති.

“මගේ ජිවිතේ වටිනාම කෙනා මට නැති උණා.අඩුම තරමේ මගේ දරුවට ගෞරවයක් ඇති මරණයක්වත් උරුම උණේ නැහැ.
රටේ ජනතාවගේ ජන්දයෙන් තේරී පත් වූ දුසිම් ගණනක් දේශපාලකයින් මේ ගැන දැනගෙන හිටිය නම්,ඇයි මේ අපරාධය වලක්වන්න බැරිව ගියේ.”
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් බවට පත් වූ දුල්ෂිනි ද සොයිසා සහ අගේ සැමියා හට 11 හැවිරිදි වියෙහි සිටි තම ප්‍රාණය වන් පුතුගේ මතකය ගෙන ආවේ ශෝක බරිත වූ ආවේගයක්.

“බුද්ධි අංශ වාර්තා කරද්දීත්,මේ වගේ දෙයක් ගණන් නොගෙන ඉන්න රටේ නායකයෝ කොයි වගේ අයද?මේ වගකීමෙන් ගැලවෙන්න ඔවුන්ට බැහැ.”

මේ වෙනකොට චෝදනා එල්ල වූ කිසිවෙකුත් අවම තරමින් අත්අඩංගුවටවත් පත් වී නැහැ.ඒ පාලකයින්ට ඔබව දැනෙන ප්‍රමාණය පිළිබඳව එක තහවුරුවක් පමණයි.

එදා සියොන් දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වෙන මොහොතේ එය වඩා හොදින් පවත්වාගෙන යාමට රමේෂ් රාජුගේ සම්බන්ධීකරණය ඉවහල් උණා.දේවස්ථානයට පැමිණෙන පිරිස් පිළිගනිමින් සහ නිවැරදිව හසුරුවමින් සිටි රමේෂ් එහි ඇතුළු වූ නාදුනන අයෙක් ජායාරුප ගැනීමට පැමිණි බව පවසද්දී ,එය දැන් සිදුකළ නොහැකි බව පවසමින් ඔහු වලකාලූවා.
එසැණින් ඝාතකයා තම බෝම්බය පුපුරා ගත් අතර ඒ හේතුවෙන් ඒ තුළ සිටි මල් කැකුළුවන් දරු පැටවුන් සිය ගණනක ගේ ජීවිත ආරක්ෂා උණා.එහෙත් 25 දෙනෙකුට ජීවිත අහිමි කළ එම ම්ලේච්ජ බෝම්බය කුඩා දරුවන් 13 දෙනෙකුගේ ජීවිත ඇසිල්ලකින් උදුරා ගත්තා.
දරු දෙදෙනාත් සමඟ තනි වූ රමේෂ්ගේ බිරිද ක්‍රිෂාන්තිනි තම සැමියාගේ වියෝව ගැන කියන්නී උහුලාගත නොහී වේදනාවක් ඇගේ සිත තුළ තෙරපෙන මොහොතකයි.
ඇගේ දෛවය විසින් ඇයගේ දෙමව්පියන් ද ඇයට අහිමි කරන්නේ 30 වසරක යුද්ධයේ එක කතාවක් ද ඇයගේ ජීවිතය තුළ ට එක් කරමිනුයි.
හසිරු තමන්ගේ 17 වන උපන්දිනය සමරන්නේ රෝහලක් තුළදීයි.මීගමුවේ ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ බෝම්බය හසිරුගේ මවගේ ජීවිතය ඔහුගෙන් උදුරා ගත්තා.සිරුර පසාරු කරමින් ඇදී ගිය බෝම්බ කැබලි හයක් හසිරුගේ සිරුර තුලින් ඉවත් කල වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය ඔහුට ලබා දුන්නා.ඒ වවිට ඇගේ මව ඔහු හැරද ගොස් තිබුණා.
“මගේ අම්ම ප්‍රියන්ති.මම මේ ලෝකේ දැක්ක ආදරණීය ම මනුස්සය එයා.මම දැක්ක අම්ම වැටිලා ඉන්නවා.මොකක හරි නරක දෙයක් වුණා කියල තේරුණත් මට හිතා ගන්න බැරි උණා. එයා හැම කෙනෙක් ටම සමාව දුන්න කෙනෙක්.එයා තමයි අපේ පවුලේ එකමුතුකම රැකපු කෙනා ”
හසිරු තමන්ගේ අම්ම ගැන වේදනාත්මක මතකය අලුත් කලේ ඒ විදිහට

මේ හැමදෙනෙක් ම එදා සිද්ධියේ අංශු මාත්‍රයක් හෙළි කරණ පුංචි පරිච්ජේද කීපයක් විතරයි.ගණන් හිලව් හදල මිනිස්සුන්ගේ ජීවිත තමන්ගේ දේශපාලන වේදිකා වල තලු මරමින් වෙන්දේසි කළ දේශපාලකයින් මේ වන විටත් මේ සමුල ඝාතනයේ වැරදිකරුවන් සොයනවා.ඔවුන් සොයන වැරදිකරුවන් කිසිම දිනක ඔවුන්ට හමුවන්නේ නැහැ.ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලේ දශකයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය මෙය වන බවයි.එහෙත් අද මේ සටහන තබන මොහොත වනතෙක් කිසිදු වගඋත්තර කරුවෙක් සොයා ගන්නට තිස් අවුරුදු යුද්ධයක් නිමකළ මේ රටේ ආරක්ෂක අංශ වලට නොහැකි යි.

තමන්ගේ ජනතාවගේ ජීවිත සෙල්ලමක් වන දේශපාලකයින් සිටින රටක ජීවත් වන ඔබ මතක තබා ගත යුත්තේ එළබෙන ඕනෑම මොහොතක ඔබ ඔවුන්ගේ බිල්ලක් වනු ඇති බවටයි.
මේ රට ඔබට ආදරෙයි නම් හිටපු ජනධිපති මෛත්‍රීපාල අද සිටය යුත්තේ කොහෙද?
හිටපු අගමැති රනිල්ට කෝපි බොමින් netflix බලන්නට හැකිද?
අලුත් අගමැති ට තවදුරටත් තම පුටුව උරුමද ?
අලුතෙන් සෞභාග්‍ය ගෙනා ජනපති,,69 ලක්ෂයේ ජනතාවගේ ජනපති,වැරදිකරුවන් අල්ලන්නට බලය මදි නිසා තුනෙන් දෙකක් ඉල්ලා පාස්කු වැරදිකරුවන් ඇල්ලු ජනපති ඔබට තවමත් විශ්වාසද ?
නැවත නැවතත් ඔබව මාතෘකාවක් කරමින් ඔවුන් රජ කරනු ඇත.
එය වෙනස් නොවන තෙක් කොතරම් කොමිෂන් පත් කළද,ඔබේ ආදරණියයන්ගේ ඝාතකයා ඔබට හමු නොවනු
ඇත.

ඒ වුවද රටේ ජන නායකයින් උදෑසන කැඩපතින් ඔබේ ඝාතකයින් දකිනු ඇත.

අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගේ දූ පුතුනේ
ලේ කිරි දුන් උන් ලේත් උරා බී ලේ කදුලක්වත් නෑ දෙතනේ
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොර දෙටුවෝ
දරුවන් වුව උන් පරයන් මැරයන් මගේ දේ කා මට වින කෙරුවෝ

උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්
මගේ රජ දරුවන් මගේ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් ..

Facebook Comments