free hit counter

කැරොලයින් ජූරි – යුක්තිය වෙනුවෙන් කිරුළ අතහැරි ලෝක ඉතිහාසයේ අමරණිය විවාහක රූ රැජිණ

2020 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ දැරෑ කැරොලයින් ජූරි ගේ ඉල්ලා අස්වීම පිළිගත් ලෝක විවාහක රූ රැජින සංවිධායක මණ්ඩලය එම කිරුළ එම වසරේ පැවති තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් කේට් ෂින්ඩර් වෙත ප්‍රදානය කර ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෝක විවාහක රූ රැජින තරගයේ සංවිධායක මණ්ඩලය කියා සිටින්නේ තම සංවිධානය කැරොලයින් ජූරි 2020 වසරේ ලෝක විවාහක රූ රැජින කිරැලෙන් ඉවත් වීමට ස්වේච්ඡාවෙන්ම ගත් තීරණය තම සංවිධානය පිලි ගන්නා බවත් , එම කිරුළ අයර්ලන්ත විවාහක රූ රැජින වෙත ප්‍රදානය කරන බවය.

එසේම කැරොලයින් ජූරි මහත්මියට සිය පවුලේ අය සමග සාමකාමී ජීවිතයක් ගත කිරීමටද ලෝක විවාහක රූ රැජින සංවිධායක මණ්ඩලය සිය සුබ පැතුම් එක් කර ඇත.ඉකුත් අප්‍රේල් 4 වැනිදා කොළඹදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ ඇති වූ සිද්ධියක් මත 2020 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැලදී කැරොලයින් ජූරි මහත්මිය සිය ධූරයෙන් ඉවත් වන බව ඉකුත් දා නිවේදනය කළාය.

ජූරි තම ලෝක රූ රැජිණ කිරුළ අතහරින්නේ ඉමහත් සතුටිනි, ඈ පවසන්නේ යුක්තිය වෙනුවෙන් ඈ ස්ථිරව පෙනී සිටින බවයි. ලෝක විවාහක රූ රැජිණ කිරුළේ ගෞරවය වෙනුවෙන් දූෂිත ශ්‍රී ලාංකීය සමාජ ක්‍රමය ලෝකයටම හෙළිකරමින් අභිමානයෙන් ජූරි කිරුළ අතහරින්නේය. ජූරි කාන්තාවකට එරෙහිව පෙනී නොසිටියාය.

ඈ පෙනීසිටියේ දූෂිත පාලන තන්ත්‍රයක් බලහත්කාරයෙන් රූප රැජිණියන් තෝරාගන්නා ක්‍රමයට එරෙහිවය.

පුෂ්පිකා ද සිල්වා නාමල් රාජපක්ෂ සමග සමීප සම්බන්දතා පැවැත්වූ බවත්, ඇය ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් දේශපාලන වේදිකාවට නැග්ග බවත් රහසක් නොවේ.

කැරොලයින් ජූරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ අමතක කර යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නට නම් කෙතරම් අයුක්තියක් සිදුවන්නට ඇතිද? නැතිනම් සාමාන්‍ය ස්ත්‍රියක් තමන්ට හිමිවුණු ලෝක රූ රැජිණ කිරුළ අත හරීවිද.

ඉතිහාසය කැරොලයින් ජූරිගේ සටන යුක්ති සහගත කරනු නියතය. ඇය ලෝක රූ රැජිණ ඉතිහාසයේ අමරණිය චරිතයක් ලෙස දිනක ලෝකයම සම්මානයට පත් කරනු ඇත.

Facebook Comments