free hit counter

පාර්ලිමේන්තුවට එපා වූ සැබෑ ජනතා සේවකයෝ

මේ ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් ලබා ජවිපේ පූර්ණ කාලීන දේශපාලනයට පිවිස දෙවතාවක්ම ඌව පලාත්සභාවේ මංත්‍රී වරයෙකු ලෙස සිටි ජවිපේ නිර්මාණයක් වන සුදත් බලගල්ල නම් වූ සරළ මිනිසාය. මහියංඟනය ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් ජවිපේ මැඳිහත්වීමෙන් ඉදිවෙමින් පැවති නිවසක් වෙනුවෙන් ඔහු සිය ස්වේච්ඡා ශ්‍රමය ලබාදෙන අතර තුර අහාරගනිමින් සිටියදී අපේ සහෘදයෙකුගේ ඇස ගැටී තිබුණි.

අපේ රටේ අනෙක් ප්‍රධාන පක්ෂවල මංත්‍රීවරුන් රටේ මිනිස්සුන්ගෙ බදු මුඳල් වළින් කෝටි ගණන් වියදම් කරමින් වාහන මිළදී ගනිමින්ද, ව්‍යාපාර කරමින්ද තමන්ගෙ පරම්පරාවම වෙනුවෙන් සම්පත් රැස් කරගන්නා අතර සිය වැටුප වත් තමන්ගේ පවුද්ගලික පරිහරණය සඳහා නොඟන්නා ජවිපේ මංත්‍රීවරුන් දුක් විඳින මිනිස්සුන්ගෙ සතුට වෙනුවෙන් සිය සැප සම්පත් කැප කරමින් සිය ශ්‍රමය, දහඩිය වගුරුවමින් සිටී.

ඛේදවාචකය වන්නේ මේ සියල්ල අත්දැකීමෙන්ම දන්නා රටේ ජනතාව නැවත නැවතත් අවංකවම තමන්ට ආදරය කරන මිනිසුන් වෙනුවට තමන්ගේ දහඩිය, ශ්‍රමය සූරාකන පීඩකයාම සිය පාලකයින් බවට පත්කර ගැනීමයි.

නිමල් ජයකොඩි

Facebook Comments