free hit counter

බංගලාදේශය කඩුලු 4 කට 474 යි

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීත් ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙහෙසට පත් කළ බංග්ලාදේශ පිතිකරුවෝ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද (22 දා) තරගය නිමා කරන විට කඩුලු 4 කට ලකුණු 474 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට සමත්වූහ. පළමු දිනට රැස් කරන ලද ලකුණු 302 කට අමතරව අද දිනයේදී යවන ලද පන්දුවාර 65 තුළදී රැස් කර ගන්නා ලද ලකුණු 172 දී ප්‍රතිවාදී බංග්ලාදේශ පිලේ පිතිකරුවන් දෙදෙනෙකු පමණක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

පන්දුවාර 25 ක් යැවීමට නියමිතව තිබියදී අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නිමා කරන විට පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් පන්දුවට පහර දෙමින් සිටි මුෂ්ෆිකර් රහීම් ලකුණු 43 ක්ද ලිටන් දාස් ලකුණු 25 ක්ද ලබා සිටියහ.

ආරම්භයේ සිට කිසිදු අපහසුවකින් තොරව ලකුණු රැස් කළ නජ්මුල් හොසේන් සැන්ටෝ සහ නායක මොමිනුල් හක් දිවා ආහාරය තෙක් සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් බංග්ලාදේශ පළමු ඉනිම තවදුරටත් සුරක්ෂිත කළහ. දිනයේ සුවිශේෂී සිදුවීම බවට පත්වූයේ නායක මොමිනුල් හක් සිය 11 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමය. මෙය ඔහු සිය මව් රටින් බැහැරව රැස් කරන ලද පළමු ශතකය ලෙසින් වාර්තා වීමද කැපී පෙනිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට්

 

Facebook Comments