free hit counter

ලංකාවේ කොරෝනා නිසා ICU යන තරුණ අය එක්වරම ඉහළට

උත්සවසමයෙන් පසුව, පර්යේෂකයන් විසින් කොරෝනා රෝග ලක්ෂණ වල බරපතල වෙනසක් සහ තරුණ රෝගීන් ICU සඳහා ඇතුළත් කිරීම් සැලකිය යුතු සංඛ්‍යාවකකින් වැඩි වී ඇති බව නිරීක්ෂණය කර ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිමා ජීවන්දර මාධ්‍ය වෙත පැවසීය. ඔහු පවසන්නේ මේ පිළිබඳ පර්යේෂණයක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රමුඛතම වෛරසය බී .1.411 පරම්පරාව හෙවත් ශ්‍රී ලංකා පරම්පරාව බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, හඳුනා නොගත් වෛරස් ප්‍රබේදයක් සීඝ්‍රයෙන් වර්ධනය වන බව ද ඔහු පවසූ අතර ඒ පිළිබඳ නිරීක්ෂණය කර ඇති බවත් පරේෂණ සිදුවන බවත් පැවසීය.

Facebook Comments