free hit counter

කංසා ගැන මම පෞද්ගලිකව දන්නවා – ඩයනා ගමගේ

“මම පුද්ගලිකව මේ ගැන හදාරලා තියනවා.ඩොලර් බිලියන 73 කංසා වගාවෙන් හොයන්න පුළුවන්.අපි මේ ඉන්නේ නිධානයක් උඩ හිටගෙන”

ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට කාන්තා මන්ත්‍රීවරියක් කංසා නීතිගත කිරීමට යෝජනාවක් ගෙන ඒම සුවිශේෂී සිදුවීමක් බවට පත්ව තිබෙනවා.පසුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය තමන් කංසා නීතිගත කිරීමට සහ අපනයන වෙනුවෙන් මන්ත්‍රී යෝජනාවක් ගෙන එන බව ප්‍රකාශ කර සිටියා.

මේ පොළොවට උරුම දෙයින් ප්‍රයෝජන නොගෙන සදාකාලික ණයකරුවන් වී නොසිට කෘෂිකර්මාන්තය දියුණු කල යුතු බවත් කංසා වගාව විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන අංගයක් ලෙස දියුණු කළ යුතු බවත් ඇය වැඩිදුර ටත් පෙන්වා දෙනූ ලැබුවා.

“අපි පාරාදීසයක්,ඒ උණාට රාත්‍රී 9 වෙද්දී මත්පැන් හල වහනවා.අඩුම තරමේ රාත්‍රී 10 වෙනකම් වත් ඇරලා තියන්න ඕනෑ.
අවන්හල පාන්දර 1 වෙනකමවත් ඒ පහසුකම් දෙන්න ඕනෑ.වෙන රටවල් වල මිනිස්සු සල්ලි වියදම් කරන්න එලියට බහින වෙලාවේ අපේ රටේ ඒ දේවල් වහල දානවා.”

මේ ගැන අවධානය යොමු කල යුතු බව සහ ඒ වෙනුවෙන් පෙනි සිටින්නට සූදානම් බව ද ඇය මෙහි දී කියා සිටියා.
මිට පෙර ද මේ සම්බන්ධව ඩයනා ගමගේ මේ පිලිබන්දව අදහස් දක්වා තිබුණා

Facebook Comments