free hit counter

ඇමති නාමල් රාජපක්ෂ කඩල විකුණන සීයාට දුන් අපූරු තෑග්ග

“කෝ මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ කටිටිය පොඩ්ඩක් මෙහාට එන්න”

ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ කටහඬයි තංගල්ල පරෙවිවැල්ල මුහුදු තීරයේ පැවති අවුරුදු උත්සවය නරඹන්නට සිය බිරිඳද සමග පැමිණි ඔහු අපේ NLB ප්‍රවර්ධන කුටිය ලඟට පැමිණ ඒ අසල ඇති කඩල කරත්තෙන් කඩල මිලදි ගෙන අපගේ වාසනා චක්‍රයෙන් තැගී දෙන තරඟ ඉසව්ව දෙස බලා සිටියේය.

එම මොහොතේ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ නාමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ජානක වර්ණසිංහ මහතාද එහි රැඳි සිටියේය. තමන්ගේ අතේ එල්ලී සිටින ආදරණීය බිරිඳ සමගින් කඩල සපමින් සිටි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ එම ආමන්ත්‍රණයෙන් පසු අප ඔහු සිටින ස්ථානයට ගියෙමු.

NLB එක ගොඩක් සමාජ සත්කාරක දේවල් කරනවා ඉතින් මේ ඉන්න පියා කඩල විකුණනලා ඒ සල්ලි වලින් තමයි ජීවිතය ගෙනියන්නේ තමන්ගේ දරු පවුල බලාගන්නේ මේ කඩල කරත්තය ලී වලින් හදලා තියෙන්නේ ඒක අබලන් වෙලා ඉතින් මේ තාත්තට අලුත් කඩල කරත්තයක් හදලා දෙන්න පුලුවන්ද.

ඒ වගේම මේ තංගල්ල පරෙවි වැල්ල මුහුදු තීරයට දෙස් විදෙස් අය ගොඩක් එනවා ඒ අයගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් කැප වී වැඩකරන පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ අය රැඳි ඉන්න පැරණි කුටිය වෙනුවට අලුත් කුටියකුත් හදලා දෙන්න පුලුවන්ද.

ඔයාලගේ සභාපතිතුමා එක්ක කතාකරලා මේ දේ කරලා දෙන්න ඒ මොහොතේම මේ සිදුවීම ජාතික ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාට දැනුම් දුන් අතර කඩිසර සහ ක්‍රියාශීලි සභාපතිවරයෙකු වු ඔහු එයට ක්ෂණික ප්‍රතිචාර දැක්විය සභාපතිතුමා එයට එකඟතාව පලකරමින් එම විස්තර/ජ්‍යාරූප සියල්ල ඉක්මනින්ම තමන්ට ලැබීමට සලස්වන ලෙස ඉල්ලා සිටියේය ..

රටකට අවශ්‍ය වන්නේ මෙවන් කඩිසර ක්‍රියාශීලි නායකයින්ය කල්මරන එහාට මෙහාට බෝල පාස් කිරීම් නැත අවශ්‍ය දේ අවශ්‍ය තැනදී ඒ මොහොතේම ගැලපෙන ලෙස වැඩකටයුතු සිදුවිය.

අගයකල යුතු දේවල් අගය කල යුතුමය.

ඒ අසරණ පියාට අලුත් කඩල කරත්තයත් තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට නව මෙහෙයුම් මැදිරියත් නොබෝ දිනයකින් හිමිවේවි.

එම දිනයදා යලි අප හමුවෙමු

ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය
ජාතික ලොතරැයි මණ්ඩලය NLB..

Facebook Comments