free hit counter

“ඇන්දවීම හා ඇඳ ගැනීම” – රාජ්‍ය ආයතනයක සිදු වූ සත්‍ය සිදුවීමක්

( මේ සටහන නීරස වෙයි, මොකද සිදුවීම් අඩුවෙන් කියල, පාඩම් වැඩියෙන් කියන්න මම උත්සාහ ගන්න නිසා)

මම මාතලේ ආයතනයක වැඩ කරද්දි , වෙනත් ආයතන කීපයක් එකතුවෙල, ව්යාපාරිකයන්ට දින තුනක පුහුණු වැඩසටහනක් සැලසුම් කරල තිබුන. මම මේක දෑනගත්තෙ දෙවන දවසෙ හවස.

මට ප්රධානිය කතා කරල කිවුව ඊළඟ දවසෙ පැය අටක් විතර අර පිරිසට උගන්වන්න කියල. මාතෘකා දෙකකුත් දුන්න. හැබැයි පුහුණු ලාභීන්ගෙ කිසිම තොරතුරක් දුන්නෙ නෑ. ” ජෝන්ට ලතින් උගන්වන ගුරුවරය, ලතින් දැනගෙන ඉන්න ඕනැ, ඊට අමතරව ජෝන් ගැනත් දැනගෙන ඉන්න ඕනැ. රූසෝ එහෙමයි කියල තියෙන්නෙ. ඉතින් මම කඩිමුඩියෙ මට හෙට උගන්නන්න වෙන පිරිස බලන්න ඒ වැඩ සටහන තිබුන තැනට ගියා, ඒ දවසෙ වැඩසටහන ඉවර වෙන්න විනාඩි පහළොවකට විතර කලින්. පිටිපස්සෙ වාඩිවෙල කට්ටිය හොඳින් අධ්‍යනය කරා. එයාල ගැන හොඳ අදහසකුත් ආව. දැන් එතකොට ජෝන් ගැන හරි. රෑ පැය කීපයක් උගන්වන දේවල් සැලසුම් කරා. ලතිනුත් හරි.

පහුවදා පුහුණු වැඩසටහනක කරා, මට දැණුනෙ ලොකු සාර්ථක බවක්. දවස් පහේ, දහයෙ, පුහුණු වලින් ගත්ත අවබෝධයට වඩා දෙයක් මම ඉගැන්වූ එක දවසෙන් ලැබුන බව කීපදෙනෙක් ම අවසානයෙදි කිවුව. එක කාන්තාවක් දිග ස්තූති කතාවක් කරේ කඳුළුත් පිහින ගමන්. මම ඔය සිදුවීම ගෙදර ගිහිනුත් කිවුව, මම තමයි ” පොර” කියල.

ලස්සන ම වැඩේ උනේ ඊට අවුරුද්දකට විතර පස්සෙ. ඔය වගේම පුහුණු වැඩසටහනකට එදා මම ගියේ පුහුණු කරුවෙක් විදිහට නෙවෙයි, ආයතනය නියෝජනය කරන අමුත්තෙක් විදිහට. එදා පුහුණුවට සම්බන්ධ උන අයටත් අර කාන්තාව අර විදිහට ම ස්තූති කරා, කඳුළුත් පිස්ස, කතාව අතර.

එයාගෙ කතාවත්, අර කඳුළුත් මාව ඇන්දුව බව, මට ” මොනවට” පැහැදිලි උනා.

පුහුණු වැඩසටහනක්, ලොකු පිරිසක් අමතා කරන කතාවක් අවසායෙදි, ගොඩක් අය අපිව අගය කරනව, සුබ පතනව. ඒ අපි හොඳ නිසාම නෙවෙයි. සම්ප්‍රදායක් වශයෙන්. ඉතින් දේශකයො ඇඳගන්නව, ගොඩක් අය හිතන්නෙ තමන් තමයි ලෝකෙ ඉන්න හොඳම දේශකය කියල.

තව එක එක ඇන්නිලි, ඇනගැනිලි, ඇන්දිලි, ඇඳගැනිලි, පුහුණු/ දේශන ක්ෂේත්‍රයේ තියෙනව. සමහර ඒව ප්රවීනයො, සහෝදර පුහුණු කරුවො මට කියල දුන්න ඒව. සමහර ඒව අත්දැකීම් වලින් ම අවබෝධ කරගත්ත ඒව.

මම දන්න එක්කෙනෙක් ඉන්නව, එයා කතා කරද්දි තමන්ගෙ කාලයට අමතරව ඊළඟට කතාකරන හෝ උගන්වන කෙනාගෙ කාලයෙනුත් ලොකු වෙලාවක් ගන්නව. ඊට පස්සෙ ” ඔන්න ඔහෙ උඩින් පල්ලෙන් ඇදල දාපං, කියල අනිත් කෙනාට පොඩි වෙලාවක් ඇතුලත ලොකු දෙයක් උගන්වන්න දීල එයාව අන්නනව.

වැඩ සටහන කොච්චර කලින් සැලසුම් කරත් සමහර අය වෙනත් දේශකයන්ට මාතෘකාව දෙන්නෙ අන්තිම මොහොතෙ. ඒ තමන්ට වඩා හොඳින් ඔහු වැඩේ කරයි කියන බයට.

රසවත්ව කතා කරන්න පුළුවන්, දැන් මම හිතන විදිහට දකුණෙ වැඩ කරන කලින් පොළොන්නරුවෙ හා නුවර එළියෙ වැඩ කරපු පරිපාලන නිළධාරියෙක් පුදුම බයකින් හිටියෙ, එයා අභිබවා යන තරම් හොඳ කතාවක් වෙන කෙනෙක් කරයිද කියල. කවුරු හරි වේදිකාව මත හොඳ කතාවක් කරොත් මෙයා කතාව අඛණ්ඩව කරගෙන යන්න බැරි විදිහට පුදුම තරම් හරස් ප්‍රශ්න අහනව, කොහොම හරි එයාව අමාරුවෙ දාන්න ලොකු උත්සාහයක් ගන්නව. ( එයා දේශපාලකයෙක් අන්දන්න කරපු කතාවක් වෙනම කියන්නම්)

තව සමහරු වෙන කෙනෙක් දේශනය කරන අතර තමන් මැදට පැනල තොරතුරු එකතු කිරීම, අමතර බාහිර දැණුවත් කිරීම් කිරීම වගේ දේවල් කරල සහභාගී වන අයගෙ අවධානය කඩනව.

තවත් සමහරු අවවාද ස්වරූපයෙන් දෙන්නෙ වැරදි උපදෙස්. කෙනෙක්ගෙ කතා ශෛලියෙ වඩාත් සිත් ඇදගන්නා කොටස් කැතයි, ඒව වෙනස් කරන්න කියල ඔලුව අතගාල ආදරෙන් තමයි කියල දෙන්නෙ.

පුහුණු කරුවන් අමාරුවෙ දාන තවත් විදිහක් තමයි ” උඹට තමයි මුන් ටික කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඊළඟ දේශනේට එන කෙනා එන්නෙ නෑ, ඔය පැය හතරත් ඔහොමම ඇදගෙන පලයන් ” කියල තමන්ගෙ කතාව ඉවර කරන්න ඔන්න මෙන්න කියල තියෙද්දි කියන එක.

මේ විදිහෙ දේවල් කොච්චර තිබුනත්, අමිහිරි අත්දැකීම් වරින් වර ලැබුනත් ඉගැන්වීම හා ඉගෙන ගැනීම හරි සුන්දර අත්දැකීමක්. හිතවතුන් පිරිසක් ඉතා හොඳ මඟපෙන්වීම් කරනව, සාර්ථක දේශනයක්, පුහුණුවක් කරන්න.

ඡායාරූපයෙ මගෙත් එක්ක ඉන්නෙත් මට ගොඩක් ගුරු හරුකම් දෙන මම කැමතිම අති දක්ෂ පුහුණු කරුවෙක්.

ලලිත් හීන්කෙන්ද

Facebook Comments