free hit counter

වරාය නගර කොමිසමට විදේශිකයන් පත් කිරීම සුපිරි වැඩක්

කොළඹ වරාය නගරය පාලනය කිරීම සඳහා යෝජිත වරාය නගර කොමිසමට විදේශිකයන් එකතු කිරීම වරාය නගර කොමිසමට ආලෝකයක් සපයන බව ඇමති උදය ගම්මන්පිළ මාධ්‍ය හමුවේ පැවසීය.

වරාය නගරය කොමිෂන් සභා පනතට සංකල්පමය වශයෙන් පිවිතුරු හෙළ උරුමය එකඟ වුව ද එහි කෙටුම්පත් කිරීමේ අඩුපාඩු ගණනාවක් ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

” එම අඩුපාඩු ශේෂ්ඨාධිකරණය විසින් නිවැරදි කරාවි විදේශිකයන් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීමට පක්ෂය එකඟ නමුත් එහි බහුතරය අනිවාර්යෙන්ම ස්වදේශිකයන් සතු විය යුතුයි” යැයි ද හෙතෙම සඳහන් කරයි.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා දරන උත්සාහයේදී විදේශිකයන් සිතන පතන ආකාරය හරියටම තේරුම් ගැනීම සඳහා විදේශ ආයෝජන හා කලාපයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ අත්දැකීම් සහිත විදේශීය පුද්ගලයන් එම කොමිසමේ සාමාජිකයන් ලෙස වාඩිවීම කොමිසමට ආලෝකයක් වන නමුත් ඒ සඳහා වන වගන්තියේ, බහුතර සාමාජිකයන් අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකිකයන් විය යුතු යැයි සීමාවක් යෙදවිය යුතුයි යැයි ද කියා සිටියේය.

එම කොමිසමේ කෙටුම්පත් කිරීමේ දෝෂයන් මත ව්‍යවස්ථාවට අනුකූල නොවන තත්ත්වයන් පනත් කෙටුම්පතේ තිබීමට ඉඩ ඇතැයි ද එවැනි දේවල් කෙටුම්පත් කිරීමේ දෝෂ නිසා සිදුවෙන නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණු පසු එම වගන්ති සංශෝධනය කර ගත යුතු යැයි ද නැතිනම් ඉවත් කර ගත යුතුයැයි ද කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැතැයි ද කීය.

Facebook Comments