free hit counter

අඟහරු මත ඔක්සිජන් නිපදවීම ඇරඹේ

නාසා ආයතනය සදහන් කරන්නේ අඟහරු ග්‍රහයා මතින් ඔක්සිජන් සොයාගෙන ඇති බවයි. අඟහරුගේ බහුල වශයෙන් ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් වායුව යි.

අඟහරු ග්‍රහයා වෙත යැවූ පර්සවරන්ස් රෝවර යානාව මගින් ගෙනගිය විශේෂ උපකරණයක් භාවිතයෙන් මිනිසාට ආශ්වාස කළහැකි ඔක්සිජන් අඟහරුහීදී නිපදවා තිබේ.

ඔක්සිජන් උත්පාදනය සඳහා මොක්සි නමින් හඳුන්වන කුඩා උපාංගයක් රෝවරය මගින් අඟහරු ග්‍රහයා වෙත ගෙනගොස් තිබුණි. එම උපාංගය යොදාගෙන ඔක්සිජන් ග්‍රෑම් 5ක් පමණ නිපදවා තිබේ.

ඉදිරි අඟහරුතරඟයකදී එවැනි උපාංගයක් භාවිතයෙන් අභ්‍යවකාශගාමියාට අවශ්‍ය ඔක්සිජන් සපයාගත හැකිවෙතැයි නාසා ආයතනය අනුමාන කරයි.

Facebook Comments