free hit counter

ලංකාවම බය කරමින් අවුරුදු 18 ක තරුණියක් ඇතුළු කොරෝනා නිසා මියගිය තරුණ අය

කොරෝනා වෛරසයේ නව රැල්ලත් සමග තරුණ ප්‍රජාව කොරෝනා වෛරසයේ බලපෑමට ලක්වන බව පසුගිය දින කිහිපය පරාම සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන ලද අතර ඒ බව සනාථ කරමින් ලංකාවේ තරුණ පිරිස් කොරෝනා වෛරසය හේතුවෙන් මිය යාම ආරම්භ වී තිබේ.

18 හැවිරිදි ගැහැණු ළමයෙක් කොවිඩ් නියුමෝනියාව හා හෘදයාබාධයකින් 2021 අප්‍රියෙල් 21 වන දින වත්තල හේමාස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

එමෙන්ම මිනුවන්ගොඩ මූලික රෝහලෙන් හෝමගම මූලික රෝහලට මාරු කිරීමෙන් පසු නිට්ටඹුවේ 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු අප්‍රේල් 21 වන දින කොවිඩ් නියුමෝනියාවෙන් මිය ගොස් ඇත.

පන්නිපිටියේ 40 හැවිරිදි පුද්ගලයෙක් 2021 අප්‍රියෙල් 23 වන දින මියගොස් තිබේ. ඔහු හෝමගම මූලික රෝහලට මාරු කරනු ලැබීය. ඔහු මිය ගියේ සෙප්ටෙක්සිමියා සහ බහු අවයව අසමත්වීමෙනි.

Facebook Comments