free hit counter

ලංකාවේ විශාල ඛේදවාචකයක් අත ළඟ – වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර

යුරෝපයේ පැතිරීගිය වෛරස් ප්‍රභේදයට වඩා ඉතාම සීඝ්‍රයෙන් මෙවර වෛරසය පැතිර යාම ආරම්භ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. රෝගීන් වාර්තා වීම දිගින් දිගටම සිදු වූවොත් එය දරාගත නොහැකි තත්වයකට පත් වන බව ද ඔහු පැවසීය.

රෝහල් ධාරිතාව ඉක්මවා යමින් රෝගීන් වාර්තා වුවහොත් එය විශාල ඛේදවාචකයක් විය හැකි යැයි ද කොරෝනා ව්‍යාප්තිය වැඩි විය හැකි නිසා තවත් බොහෝ දෙනකු ඊට ගොදුරු වී මිය යාමෙන් බේරා ගැනීමට ඉතා සැලකිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු අවධාරණය කරයි.

‘යුරෝපයේ පැතිරී ගිය වෛරසයට වඩා ඉතාමත් සීඝ්‍රයෙන් මෙම වෛරසය පැතිර යෑම ආරම්භ වී තිබෙනවා. එය ඉතාම භයානක තත්ත්වයක්”. බව වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

Facebook Comments