free hit counter

වසර හතකට පසු ලංකාවට ද්විත්ව ශතකයක් – තවත් වාර්තා රැසක්

පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පිතිකරුවකු ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව වශයෙන් දිමුත්ගේ ද්විත්ව ශතකය සටහන් වන අතරම වසර 7 ක කාලයකට පසු ශ්‍රී ලංකා පිතිකරුවකු විසින් සිය මව්බිම තුළදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු අවස්ථාව වශයෙන්ද දිමුත්ගේ දක්ෂාතවය සටහන් වේ. දිමුත්ට පෙර අවසන් වතාවට ශ්‍රී ලංකාවේදී ද්විත්ව ශතකයක් වාර්තා කර ඇත්තේ කුමාර් සංගක්කාර වන අතර ඔහු 2014 දී පාකිස්තානයට එරෙහිව ගාල්ලේදී එම හපන්කම සිදුකර තිබේ.

දිමුත්ට අනගි සහායක් ලබා දෙමින් සිටින ධනංජය ද සිල්වා අද දිනයේදී සිය ටෙස්ට් තරග දිවියේ 7 වැනි ශතකය රැස් කර ගත්තේය. දිමුත්ට වඩා තරමක් ප්‍රහාරාත්මක වුණු ධනංජයගේ ඉනිම සඳහා පන්දු 278 කට මුහුණ දුන්නේය. හතරේ පහර 20 කින් ද ඉනිම සරසා ගත් දකුණත් පිතිකරුවා සහ නායකයා එක්ව ගොඩනංවන ලද සම්බන්ධතාවය, ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් සිය මව්බිම තුළදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවය ලෙසින් සටහන් විය. මොවුන් දෙදෙනා විසින් අද දෙවැනියට ඇද දමන ලද්දේ 2011 වසරේදී ඔස්ට්‍රේලියාවේ ෂෝන් මාෂ් සහ මයික් හසී රැස් කරන ලද ලකුණු 258 ක සම්බන්ධතාවය විය.

Facebook Comments