free hit counter

පුෂ්පා හා හරීන් බස්නාහිර මහා ඇමති සටනට

බස්නාහිර පළාත් සභා මැතිවරණය දිනෙන් දින දේශපාලන වේදිකාව උණුසුම් කරමින් තිබේ. පළාත් සභා මැතිවරණය මෙතෙක් පවත්වන දිනය පිළිබඳ ස්ථිර එකඟතාවයක් නැතත් මේ වසර අවසානයට පෙර මැතිවරණය පවත්වන බව මාධ්‍ය වෙත රජයට සම්බන්ධ පාර්ශවයන් දන්වා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ජනප්‍රියතාවය හා ආණ්ඩුවේ අනාගතය තීරණය කරන පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද මේ වන විට ලහි ලහියේ සූදානම් වෙමින් පවතී.

ඒ අනුව සමගි ජන බලවේගයේ බස්නාහිර පළාත් මහා ඇමති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ නම මේ වනවිටත් යෝජනා වී තිබේ.

සමගි ජන බලවේගයේ ජනප්‍රියම තරුණ නායකයෙකු වන හරීන් 2014 දී ඌව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙමින් 2015 ජනප්‍රිය ජයග්‍රහණය සඳහා පළමු වෙඩිමුරය තැබූ පුද්ගලයා ලෙස ද සැළකේ.

ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මැතිවරණයේදී යම් අභියෝගයකට මුහුණ දී ඇත්තේ ජනප්‍රිය තරුණ නායකයන් බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම හේතුවෙන් පළාත් සභාවට ඉදිරිපත් වීම සඳහා දෙවන පෙළ නායකත්වයේ යම් හිඩැසක් ඇතිව ඇති හෙයිණි.

මේ අනුව බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කෙරෙන පොහොට්ටුවේ අපේක්ෂිකාව ලෙස පුෂ්පා රාජපක්ෂට සියලු දෙනාගේ ආශිර්වාදය මේ වනවිට හිමිව තිබේ.

හරීන් සහ පුෂ්පා දෙදෙනාම පළාත් සභා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිත අතර මේ දෙදෙනා අතර තියුණු තරඟයක් ඇතිවිය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Facebook Comments