free hit counter

හරින් ට පාස්කුව ගැන ලැබුණු ලිපිය

image.png

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව තමන් වෙත ලද ලිපියක් තම මුහුණු පොතේ පල කළ  අතර  එය රාජ්‍ය බුද්ධි අංශය විසින් යොමුකළ එකකි.

“සිදු වෙතැයි සිතිය හැකි සැලසුම්සහගත ප්‍රහාරයක තොරතුරු” යන්න එහි ශීර්ෂය විය.

එය එවක පොලිස්පති පූජිත ජයසුන්දර වෙත යොමු කළ ලිපියකි.

පහත සදහන් තනතුරු වෙතද එය යොමු කර තිබුණි.

අධ්‍යක්ෂ/ ඇමති ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂඅ ධිකරණ ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය, වැඩබලන අධ්‍යක්ෂ තානාපති ආරක්ෂක කොට්ඨාසය, වැඩබලන අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය

ජාතික තව්හිත් ජමාත් නායක මොහොමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන ලද බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය මගින් ලබා දී තිබෙන වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ඔබගේ විශේෂ අවධානය යොමු කරමි,”

යන සදහන ද එහි තිබිණි.

“ඔබ කොට්ඨාසය මගින් ආරක්ෂාව සපයනු ලබන ප්‍රභූවරුන්/ස්ථානවල ආරක්ෂාව පිළිබඳ ඉතාමත් දැඩි අවධානයකින් සහ සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසට සියලුම නිලධාරීන් දැනුවත් කරන” ලෙස ද ලිපියේ  දක්වා තිබිණි.

හරීන් ප්‍රනාන්දු විසින් පළ කරන ලද තවත් ලිපියක දැක්වුණේ ජාතික තව්හිත් ජමාත්හි මොහොමඩ් සහරාන් සහ ඔහුගේ සහායකයන් ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවය.

ඔවුන් ගේ ඉලක්කය  වී තිබුණේ  දේවස්ථාන කීපයක් බවද එහි දක්වා තිබිණි.
පහත සදහන් ප්‍රහාර වර්ග  කවරක් හෝ එල්ල විය හැකි බව ද එහි දක්වා තිබිණි.

පිහි ප්‍රහාරයක්
ට්‍රක් රථයක් යොදා ගනිමින් කරන ප්‍රහාරයක්
ගිනි අවි ප්‍රහාරයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයක්

එසේ ම සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ හැකි යැයි සිතිය හැකි පුද්ගලයන් සය දෙනෙකුගේ නම් ද එහි සඳහන් කර තිබිණි.

ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්  හමුවන දින, සිටින ස්ථාන,පිළිබදව ද එහි කරුණු ඇතුලත් විය.

අද  ඔබ කළ යුත්තේ මෙම ප්‍රහාරයට වග කිවයුතු කවුදැයි හදුනා ගැනීම පමණි.
එයට කොමිෂන් පත් කිරීම අනවශ්‍ය බව පැහැදිළිය.
මේ නම් සදහන් පුද්ගයින් අත්අඩංගුවට ගත් විට සත්‍ය එළියට එනු ඇත.
එසේ නම් අත්අඩංගුවට නොගන්නේ ,එම නියෝග දෙන අයගේ තිබෙන භීතිය තුලින් යැයි තර්ක කිරීම, සිතීම සාධාරණ ය.
අනෙක් අතින් මිනිසුන් 269  ඝාතනය එතරම් සැහැල්ලුවෙන් සලකන නායකයින් සිටින රටක ජීවත් වන ඔබ අද ද ඔබේ දරුවාගේ  සැමියාගේ ,බිරිදගේ ඝාතකයින්ට ඝාතකයින් ගේ VIP වාහන වලට මාර්ගයේ ඉඩ දී බල සිටින්නට වීම කෙතරම් ඛේදජනක ද?

Facebook Comments