free hit counter

මීගමුව කළඹන ලංසා ට එරෙහි ගුටි පූජාව

පසුගිය කාලය පුරාම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වූ විශේෂ පුවතක් වුයේ මීගමුව ප්‍රදේශයෙන් ලංසලාට එරෙහිව එල්ලවූ ජනතා විරෝධයයි.

මීගමුව නගරාධිපති දයාන් ලංසා හා රාජ්‍ය ඇමති නිමල් ලංසා දැන් දීර්ඝ කාලයක් තිස්සේ මීගමුවේ දේශපාලන ආධිපත්‍ය පතුරුවන අතර පාර්ලිමේන්තුව තුල හා ඉන් පිටත කුඩු විකිණීම පිළිබඳ ඔවුන්ට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ.

මෙම චෝදනාවට මූලික හේතුව වූයේ වරක් විශේෂ කාර්ය බලකාය විසින් මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට ලංසා ගේ නිවාස වට කළ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඔහුගේ නිවසට ගොස් ලංසා බේරා ගැනීම පිළිබඳ සිදු වීමක් වාර්තා වීමත් සමගමය.

පසුව දිගින් දිගටම ලංසා කුඩු වෙළෙන්දෙකු ලෙස පාර්ලිමේන්තුව හා ඉන් පිටත වාර්තා පල වූ නමුත් ඒ පිළිබඳ සැලසුම් සහගත විමර්ශනයක් කර ලංසා එම චෝදනා වලින් නිදහස් වූ බවක් වාර්ථා නොවීය.

කෙසේ වෙතත් තමන් සතු අධික ධනය වියදම් කරමින් මීගමුවේ බලය අල්ලාගන සිටින ලංසා පවුලට එරෙහිව ක්‍රමයෙන් මීගමුවේ මහජන විරෝධය එල්ල වන්නේ මේ අතරය.

ඒ අනුව විවිධ සමාජ මාධ්‍ය මගින් දිගින් දිගටම වාර්තා වන්නේ ප්‍රදේශයේ විවිධ කටයුතු සඳහා එක්වන ලංසා පවුලේ සාමාජිකයින්ට ජනාතව විරෝධය පළ කරන බවත්ය, ඒ අනුව අවස්ථා කිහිපයකදී ලංසා පවුලට ජනතාව ඉදිරියේම ලැජ්ජාවට පත් වීමට සිදුවූ බව එම වාර්තා මගින් දක්වා තිබේ.

තරුණයන් හා කාන්තාවන් ලංසාට එරෙහිව අවි අමෝරා සිටීමට ප්‍රධාන හේතුව ලෙස වාර්තා වන්නේ, මත්ද්‍රවය විරෝධය හා දූෂිත පාලනයයි.

මෙවැනි හුදකළා නැගී සිටීම් පිළිබඳ සමාජ මාධ්‍ය දැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබේ.

මෙහි අවසානය කුමක් විය හැකිද යන ප්‍රශ්නය බොහෝ දෙනා විමසන අතර සාමානය දැනුමට ප්‍රත්‍යක්ෂ වන්නේ මෙහි අවසාන ප්‍රතිපලය ලංසා පවුල මීගමුවෙන් පන්න පන්නා පහරදීමකට ජනතාව යොමුවන බවයි. එම දිනය වැඩි ඈතක නොවන බව මතුවන ලංසා විරෝධය පැහැදිළි සාක්ෂියකි. එමෙන්ම ලංසා ට එරෙහිව පමණක් නොව බොහෝ දේශපාලකයින්ට මෙම ඉරණම අත්වීමට නියමිත බවට අනාගත දැක්මක් මෙහි සටහන් වේ.

Facebook Comments