free hit counter

“මේනක අයියා කතා කළ විදිහට මට ආසාවක් ඇතිවුණා ” – ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද්ගේ අලුත්ම රහස

සිනමා රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයන්ට මුණගැහුණ ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද් කාලයක් රංගනයෙන් දකින්න ලැබුණේ නැහැ. දිගු නිහැඬියාව බිඳලා ශ්‍රේෂාද්‍රි පුංචි තිරයෙන්ම අලුත් ආරම්භයක් තියලා. “මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන ‘ආලියා’ ටෙලි නිර්මාණයෙන් මම හිතපු නැති විදිහට මගේ රංගන ගමන ආයෙත් පටන් ගන්න ඕනේ කියලා හිතුවා” . ශ්‍රේෂාද්‍රි කියනවා.

මම මුලින්ම රංගනයට එන්නේ සිනමාවෙන්. ඒ චැලෙන්ජර්ස් චිත්‍රපටයෙන්. මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 12ක් විතර වෙනවා. මෙච්චර කාලයක් මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. නමුත් මේනක අයියා කතා කළාම මම මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න කැමැති වුණා.

මේනක අයියා මට මුලින්ම කතා කළ විදිහට තමයි මම විශේෂයෙන් කැමැති වුණේ. ඔහු මට කිව්වා, ඇත්තටම මට ඒ කතාවටත් ආසාවක් ඇති වුණා. ජීවිතේ බොහෝ දේවල් අහිමි වුණ ඒ නැති වූ දේවල් සොයා යන ආලියා කියන තරුණියගේ චරිතයට තමයි මට සම්බන්ධ වෙන්න තිබ්බේ. ඒ වගේම මේ නිර්මාණයට හොඳ රංගන ශිල්පීන් පිරිසක් සම්බන්ධ වෙනවා. මේනක අයියගේ පළමු අධ්‍යක්ෂණය මේ නාට්‍ය වුණාට මීට කලින් ඔහු කරලා තිබ්බ කෙටි චිත්‍රපට කිහිපයකුත් මම නැරඹුවා.

May be an image of 1 person, standing, outerwear and outdoors

May be an image of child and standing

May be an image of 1 person, long hair, standing, outdoors and tree

May be an image of 1 person, standing and outdoors

May be an image of 3 people, people sitting and outdoors

May be an image of 1 person and standing

May be an image of 1 person, standing and outdoors

Facebook Comments