free hit counter

ජාත්‍යාන්තර පාසලක ගුරුවරිය තරුණයින් පිරිසක් එක්ක දැමු මත් සාදය

මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යාන්තර පාසලක ගුරුවරියක ඇතුළු තරුණ තරුණියන් පහළොස් දෙනකු මත්ද්‍රව්‍ය සමග පාමංකඩ සුඛෝපභෝගී දෙමහල් නිවසකදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් එම පිරිස අතර සැකකාර ගුරුවරියගේ පුතුන් දෙදෙනාද සිටින බව හෙළිවී තිබෙනවා.

තරුණ තරුණියන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් හා ගංජා මිලිග්‍රෑම් 2450 පොලිසිය බාරයට ගෙන තිබෙනවා.

ඉහළ මහලේ සාලයේ මෙම පිරිසෙන් කොටසක් වේග රිද්ම සංගීතයට අනුව නර්තනයේ යෙදෙමින් සිට ඇති අතර,අනෙක් පිරිස මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බවත් සැකකාර ගුරුවරියද එම තරුණ තරුණියන් දෙපිරිසටම සහාය වෙමින් විනෝද වෙමින් සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් දෙහිවල වැල්ලවත්ත සහ කොළඹ අවට පදිංචි ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන්නන් බව පොලිසිය පවසනවා.

Facebook Comments