free hit counter

ගෝඨා මෝරලා නෑ – උදයංග වීරතුංග

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ආණ්ඩුව කෙරෙහි නොසතුට පළ කරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. ඔහු ප්‍රකාශ කරන්නේ සංචාරක කර්මාන්තයේ වටිනාකම තේරුම් ගැන නොමැති බවත් තමන් කළ කාර්යයේ වටිනාකම පාලකයන්ට නොතේරෙන බවත්ය.

අප ගත් ආරම්භයේ වටිනාකම ශ්‍රී ලංකාව නොදන්නා බව පැවසීමට වීම ගැන මම අතිශයින් කලකිරී සිටිමි. මේ අවස්ථාවේ දී රටකට සංචාරකයින් ගෙන ඒම කොතරම් දුෂ්කර දැයි ඔවුන්ට තේරෙන්නේ නැත.

අපේ රජය තුළ පවා මට බොහෝ විවේචනවලට මුහුණ දීමට සිදුවිය. නමුත් මම අගමැතිට පොරොන්දුවක් දුන්නා, කෙසේ හෝ මෙය සාර්ථක කර ගන්නම් කියලා. සංචාරකයින්ගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලාංකිකයන්ගේ මතය ද ක්‍රමයෙන් වෙනස් විය. සංචාරකයින්ගේ පැමිණීම ශ්‍රී ලංකාව පිළිගන්නේ නැත්නම් සංචාරක කර්මාන්තය සාර්ථක කර ගැනීමට අපට නොහැකිය.

Facebook Comments