free hit counter

හරීන් අත්අඩංගුවට ගෙන වසර එකහමාරක් රඳවාගන්න නියෝගයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ සිදුකරන ලද ප්‍රකාශයක් මත ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ද ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන වසර එකහමාරක් දක්වා රැඳවුම් නියෝග ලබා ගත හැකි බවත් ආණ්ඩුව සූදානම් වන්නේ ඒ සදහා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

එසේ ලබාගන්නා රැඳවුම් නියෝගයක් සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක ප්‍රශ්න කිරීමට හැකියාවක් පවා නොමැති බවත්
නවලෝක රෝහලේ නේවාසිකව සිටින හරීන් ප්‍රනාන්දුගේ සුවදුක් බැලීම සඳහා එහි ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු පවසනවා.

Facebook Comments