free hit counter

නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන ලංකා ඉතිහාසයේ පළමු උගත් ජනාධිපති

1978 දී ලංකාවේ පත්වන පළමු ජනාහිපති ජේ.ආර්. ජයවර්ධනගෙන් පසුව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දක්වා ඉතිහාසයේ පත්වූ කිසිඳු ජනාධිපතිවරයෙක් රටක් පාලනය කිරීමට තරම් උගත් කමකින් යුක්ත මිනිසුන් නොවේ. අවම තරමෙන් ඔවුන් කිසිවෙක් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන්නට තරම් දක්ෂයෙක් නොවිය.

මේ හේතුව නිසාම හිස් මිනිසුන් ලෙස ඔවුන් මෙරට විනාශයට ගෙනයාම සඳහා තම පෞද්ගලික වාසි අරමුණු වෙනුවෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව ඉතිහාසය පැහැදිළි සාක්ෂියක් වෙයි.

ජනප්‍රිය දේශපාලන නායකයින් ලෙස මේ වනවිට කරලියේ ප්‍රසිද්ධියට පත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස වැනි පුද්ගලයන් අවම අධ්‍යාපනික ජයග්‍රහණයක් හෝ ලබා ගන්නට අසමත් වූ පුද්ගලයන්ය. අනුර කුමාර දිසානායක නිදහස් අධ්‍යාපනයෙන් බිහිව උගතෙකු ලෙස ක්‍රියා කරමින් දේශපාලන කටයුතු වල නිරත වුවද ඔවුන්ගේ පක්ෂය බලයට ගෙන ඒමට තරම් ලාංකිකයන් උනන්දු නොවන බව නොරහසකි.

ජනාධිපති තනතුරට උගතෙක් පත් කරගත යුත්තේ නූගතුන් බලයට පත්වීම නිසා වසර 70 කට වැඩි කාලයක් ලංකාව විනාශට ගිය බව ඇස්පනාපිටම පෙනෙන්නට ඇති බැවිනි.

2024 ජනාධිපතිවරණය ජය ගැනීමට තරම් ශක්තියක් ඇති දක්ෂ දේශප්‍ර්මි නායකයෙක් ලංකාව සතුව සිටී. නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය ලබා මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධිය සමත්වූ චම්පික රණවක නම් දේශප්‍ර්මියා හෙට දවසේ රට බබළවන්නට නිපුණතාවය ඇති ඉදිරිගාමී මිනිසා බව සියලු දෙනාට නොරහසකි.

එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම මුදවා ගැනීමේ දේශප්‍රේමී මතය නිර්මාණය කළ චම්පික වර්ගවාදියෙකු තරමේ මූලෝපායක් අනුගමනය කළ බව පෙනී ගිය ද ඔහු සැබවින්ම දේශප්‍රේමියෙකු මිස වර්ගවාදියෙකු නොවන බව මේ මොහොතේ රට හඳුනාගන අවසන්ය.

2015 ජනතා විපල්වය මල්පල ගන්වන්නට ඉමහත් කැපකිරීමක් කරමින් සටන් වැදුණු චම්පික ජනාධිපති සිරිසේනගේ නිවට ක්‍රියාවන්ට එරෙහිව ඍජුව අභියෝග කළ එකම නායකයා විය. දින 52 හොර ආණ්ඩුවට පත් කර තිබියදී ජනාධිපතිට අභියෝග කරමින් තම අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු කළ එකම ඇමතිවරයා ඔහුය.

නවීන තාක්ෂණය, බෞද්ධ දර්ශනය,ජිවිතයේ යථා ස්වභාවය තේරුම් ගත් පරිපූර්ණ මිනිසෙකුගේ නායකත්වය රටට අවැසි මොහොතක චම්පික ඒ වෙනුවෙන් පෙරමුණේ සිටී. හොරකම්, මැරකම් පිළිබඳ චෝදනාවන් නොමැති දක්ෂ කාර්යශූර මිනිසෙකු ලෙස පක්ෂ විපක්ෂ කා අතරත් කීර්තියක් දිනා ඇති චම්පික හෙට දවසේ නායකත්වයට පත්වීමට එරෙහිව පහළ මධ්‍යම පංතියේ නිදහස් අධ්‍යනයෙන් පෝෂණය වූ යම් ස්ථරයක් කටයුතු කරමින් සිටි. ඔවුන් පුහු තර්ක පෙන්වමින් ජනතාව මුලාවට පත්කරමින් චම්පික වර්ගවාදියෙකු බැවින් ඔහුට සහය දීමට අකමැති බව කියා සිටී. නමුත් සැබෑ බෞද්ධයෙකු වන චම්පික කිසිවිටෙකත් වර්ගවාදියෙකු ලෙස හංවඩු ගැසිය නොහැක්කේ ඔහු බුදු දහමින් පෝෂණය වූ මිනිසෙකු බැවිණි.

සැබෑ ලෙසම ලංකාව මේ ඛේදවාචකයෙන් මුදවා ගැනීමට අවශ්‍ය දැනුම ඇති පුද්ගලයා චම්පික බව රටටම නොරහසකි.
ඔහු අතහැර වෙනත් අයෙකු රටේ පාලකයා ලෙස තෝරාගැනීමට යාම තවත් නූගතෙකු බලයට ගෙන ඒමකි. සත්‍ය වටහාගන යතාර්ථයට මුහුණ දී චම්පික රණවක මෙරටේ මීළඟ ජනාධිපති ලෙස පත් කර ගැනීමට රටම එකමුතු විය යුතුය.

Facebook Comments