free hit counter

තමීම් ඉක්බාල් ගෙන් ලංකාවට එරෙහිව ලෝක වාර්තාවක්

ඊයේ අවසන් වූ ශ්‍රී ලංකා බංගලාදේශ තරඟයේදී බංග්ලාදේශය වෙනුවෙන් පළමු ඉනිමේදී ලකුණු 91 ක් ලබාගත් තමීම් ඉක්බාල් දෙවන ඉනිමේදීද සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

තමීම් දෙවන ඉනිමේදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන මොහොතේ බංග්ලාදේශ පිල ලබා සිටි මුළු ලකුණු සංඛ්‍යාව වනුයේ 52 කි.

එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු අර්ධ ශතකයක් ලබාගත් මොහොතේදී කණ්ඩායමක් ලබා සිටි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතර සටහන් වූවා.

52 – තමීම් ඉක්බාල් 🇧🇩
ශ්‍රී ලංකාවට එරෙහිව, පල්ලෙකැලේ හීදී,
2021 වසරේදී

55 – ජෝන් ලියෝන්ස් 🇦🇺
එංගලන්තයට එරෙහිව, ලෝඩ්ස් හීදී,
1890 වසරේදී

55 – ක්‍රිස් ගේල් 🏝️
නවසීලන්තයට එරෙහිව, පෝර්ට් ඔෆ් ස්පේයින් හීදී,
2014 වසරේදී

Facebook Comments