free hit counter

Nightingale දෙවගන සැබැවින්ම දුටිමි ……වෛද්‍යවරයෙකු ලියු හද කම්පාකරවන සටහන

කොවිඩි රෝගීන් ගනන ඊගහක වේගයෙන් ඉහල යමින් ඇත..රෝග ලක්ෂන වල දරැනුකම..අඩු වයස පුද්ගලයන් ආසාදිත වීමි… දැඩි සත්කාර සදහා ඇතුළු වීම ..හිත සසල කරන ලෙස වැඩි වෙමින් ඇත…..
ඉන්දියාවේ අවාසනාව ලංකාවේ ප්‍රති නිර්මානය වෙමින් ඇතිදැයි සැක.සිතේ……
මේ රෝගීන්ගේ ආශ්‍රිතයන් සිය ගනනක් නිතිපතා pcr පරීක්ෂණ වලට යොමු කල යුතුව ඇත…..
සමහර පවුල් වල තාත්තා රෝහලේය..කිසිවෙක් ඔවුන් මේ පරීක්ෂණ සදහා රැගෙන ඒමට ඉදිරි පත් නොවෙති…
පුවාහනය logistical nightmare එකකි…..

දවස් කිපයකට ඉස්සෙල්ලා එක ගෙදරක..ඇවිදගන්න බැරිව එක තැන් වෙච්චි අමිමා කෙනෙක් ..අරන් එන්න විදිහක් පවුලේ අයට නෑ..
No acess.to do pcr අතාරින්න.තිබුනා ..ඒත් මරන බයෙන් සති දෙකක් ඒ අමිමා ….ඉන්න ඕනෙ…
Hippocrates දෙවියන් ඉදිරියේ ජීවිතය පුදල දිවිරපු මගේ දිවිරම එයට ඉඩදෙන්නෙ නෑ…
කොහොම හරි ආයතනයේ වාහනයක් යවල.අමිමා ගෙන්න ගත්තා …ඒත් බස්ස ගන්න විදිහක් නෑ..හැම නිලධාරීයෙක්ම රාජකාරි.වලට යවල….
ඒ මොහොතේ.මගේ පරිපාලන හෙද.සොහොයුරිය .නිලන්ති මහත්මිය ඇතුළු නිලධාරීන් pcr පරීක්ෂණ කරනවා…එතකොට පරීක්ෂණ pcr 200.කට වඩා කරල..අර ඇදුම් පැය ගානක් ඇදගෙන ඒව පෝරනුවක ඉන්නවා වගෙයි…කලන්තෙ හැදෙනවා ..
Sister ….මම ඇය ඇමතුවා…හරි සර් මම.ගිහිල්ලා කරන්නම් …ඇයයි minor staff එකේ කීර්තිරත්න මහත්තයයි පුටුවක් තියල බොහොම අමාරැවෙන් ඒ අමිම ලගට ගිහිල්ලා මරන බය නිමල දැමිම….
කුලියාපිටිය මධ්‍ය මහා විද්යාලයේ ඉගෙන.ගෙන…කුරැනෑගල හෙද විදුහලේ හෙද පුහුණුව ලබපු..sister නිලන්ති ..පුහුණුව අවසන් දවසේ.පහනක් අතේ තියාගෙන..nightingale දෙවගන ඉදිරියේ මානව වර්ගයා වෙනුවෙන් ජීවිතය පරදුවට තබල .සේවය කරනව කියල දුන්න පොරොන්දුව .ඇය ට මතක් වෙන්න ඇති මට හිතුන…
මට නොදැනුවත්ම අහස.දිහා බැලුන..

ඒ.මොහොතේ අපේ ආයතනයට ඉහල ඈත.ඈත.අහසේ..Hippocrates දෙවියො විතරක් නොවෙයි Nightingale දෙවගනත් සිනාමුසු මුහුනින් අප දෙස බලා ඉන්නවා ඇති ..නිකමට වගේ මට හිතුන ….

Facebook Comments