free hit counter

සර් හොප්කින්ස් නින්දේ දී ඔස්කාර් දිනයි. “නොමෑඩ්ලෑන්ඩ්” සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි.

චීනයේ ඉපිද බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලද ඇමරිකාවේ ජීවත් වන  ක්ලොඊ චාවෝ මෙවර හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය “නොමෑඩ්ලෑන්ඩ්” චිත්‍රපටිය වෙනුවෙන්   දිනා  ගනිද්දී එම චිත්‍රපටියට රංගනයෙන් දායක වූ   ඩැනියල් කලූයා  හොදම සහය නළුවා සම්මානය  දිනා ගන්නා  විට හොදම නිළියට හිමි සම්මානය එම චිත්‍රපටියේ රගනයෙන් දායක වූ ෆ්රන්සෙස් මක්ඩෝමන්ඩ් දිනා ගැනීම 2021 ඔස්කාර් සම්මාන .උළෙලේ සුවිශේෂී සිදුවීම  බවට පත් උණා.
83 හැවිරිදි සර්.ඇන්තනි හොප්කින්ස් හොදම නළුවා සම්මානය ද ෆාදර් චිත්‍රපටිය වෙනුවෙන් දිනාගනිද්දී දකුණු කොරියානු නිළි යු ජුන් යොන්ග් හොදම සහාය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වන්නේ  මිනාරි  චිත්‍රපටිය වෙනුවෙනුයි.

තමන්ට හිමි සම්මානය ප්‍රකාශයට පත් කළ මොහොතේ තම සයනයට වී නින්දේ සිටි සර්.ඇන්තනි හොප්කින්ස් එම පණිවිඩය සමඟ විශ්මයට සහ සතුටට පත් වූ බව පසුව ප්‍රකාශ කර සිටියා.ඔහු මිට පෙර 1992 වසරේ සයිලන්ස් ඔෆ් ලෑම්බ් ච්ත්‍රපටිය   වෙනුවෙන් හොදම නළුවා සම්මානය දින   ගත් අතර 6 වතාවක්  හොදම නළුවා සම්මානය වෙනුවෙන් ඔහු නිර්දේශයට පත් වී  තිබුණා

image.png

 උගන්ඩාවේ සම්භවයක් සහිත ඩැනියෙල් කලූයා හොඳම  සහාය නළුවා බවට  පත් වෙද්දී උගන්ඩාව ඔහු වෙනුවෙන් සුබ පැතුම් එක කර තිබුණා.බ්‍රිතාන්‍ය උගන්ඩා සම්භවයක් සහිත ශිල්පියෙක් එම සම්මානය දිනා  ගත්  පළමු අවස්ථාව එය වූ අතර සර්.හොප්ස්කින් හොදම නළුවා සම්මානය  දිනාගත් වයස්ගතම  පුද්ගලයා බවට පත් වීම උළෙලේ කැපී පෙනෙන සිදුවීම් බවට  පත් උණා.

ලොස් ඇන්ජලිස් හි දී පැවැත්  වූ 93 වන ඔස්කාර් සම්මාන උළෙල සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුකූලව පවත් වූ අතර ආරාධනා ලැබ සිටි බොහෝ දෙනෙක් එයට සහභාගී වුයේ අන්තර්ජාලය තුලින් වීම ද  විශේෂත්වයක්.

Facebook Comments