free hit counter

මහා මඟ මරා  දැමුවත් වංචනිකයන් දුෂිතයන් අපරාධකරුවන් හෙළිදරව් කිරීම නවත්වන්නේ නෑ.

“ත්‍රස්ත විමර්ශන ඒකකයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  මාව  ගෙන ආ යුතුයි කියල පොලිස් අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ දී ත්, ප්‍රකාශ  කර තිබෙනවා.මේ ප්‍රහාරය පිළිබද ව මාව  කිසිම ආයතනයකට  කැදවා නැහැ.මම කියන්නේ මාව කැදවන්න; ඔව් අපි බලමු.”
අනුර කුමාර දිසානායක පර්ලිමෙන්තුවේ දී කියා සිටියා.
චෞර වළල්ලක් රට තුළ සිටින බව ඔහු මෙහි දී සදහන් කළා.
“එයට එරෙහිව සටන් කරනවා.මට බලය තිබුණ නම් මේ පාර්ලමේන්තුවේ ඉදගෙන ඉන්න අය ඉන්නේ   හිර ගෙවල් වල ”

පාර්ලිමේන්තුවේ,අධිකරණයේ සිටින පිරිස සහ රාජ්‍ය නිලධාරින් ගෙන් සමන්විත චෞර වළල්ලක් මේ රට තුළ ක්‍රියාත්මක වන බව ද ඔහු මෙහි දී සදහන් කළා.මේ රට පාලනය වන්නේ මේ චෞර  වළල්ලේ අවශ්‍යතා අනුව බව ද ඔහු කියාසිටියා.
දේශපාලන පළිගැනීම් පිලිබඳ කොමිසන් සභා වාර්තාව  දුෂිත අපරාධකරුවන් රැක ගැනීම සඳහා නිර්මාණය වී ඇති බවද ප්‍රකාශ කළ ඔහු .
“ගෝඨාබය රාජපක්ෂ විනය ගරුක රටක්, විනය ගරුක පාර්ලිමේන්තුවක් හදනවා කිව්වා.
ඒ මේ අයද ? වියත් මඟ මේ අයද?
එක කෙනෙක් ආනමඩුවේ ගස් කපනවා.
අනෙත් කෙනා දිවුලපිටියේ පස් කපන කෙනා,
අනෙත් කෙනා අම්පාරේ වැලි ගොඩ දාන කෙනා,
අනිත් කෙනා මනම්පිටියේ වැලිගොඩ දාන කෙනා,
අනිත් කෙනා ගලගමුවේ ගල් වලවල් කරනවා.
අනිත් කෙනා බදුල්ලේ බාර් අයිති කෙනා,
අනිත් කෙනා මොනරාගල බාර් අයිති කෙනා
මෙන්න වියත් මඟ”
යනුවෙන් ඔහු වියත් මඟ පිරිස ගැන පාර්ලිමේන්තුව සිනා ගන්වමින් ප්‍රකාශ කළා.

Facebook Comments