free hit counter

ලංකාව විනාශය අභිමුවේ, නිවැරදි දත්ත සඟවනවා – ලංකා වෛද්‍ය සභාව

කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාව තුල ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියා සිටියි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මේ වන විට විශාල අවදානමක් ඉදිරියේ සිටින බවයි.

වෛරස් ව්‍යාප්තිය පිළිබඳව නිවැරැදි දත්ත වසංගත රෝග විද්‍යා අංශය විසින් ලබා නොදෙන බවද පවසන ඇය මෙය ඉතා ගැටලුකාරී තත්ත්වයක් යයිද කියා සිටියි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මෙම අදහස් පළ කළා ය.

Facebook Comments