free hit counter

ඔක්ස්ෆර්ඩ් යනු කේක් ගෙඩිය මත ඇති අයිසින් වැනි ය – ලක්ෂ්මන් කදිරගාමර්

තම විශ්වවිද්‍යාල ජීවිතයෙන්  වසර 50 ට පසු  2005 වසරේදී, ඔක්ස්ෆර්ඩ් සරසවියේ දී  ශ්‍රී ලංකික  සිසුවෙකුගේ සමරු ජායාරුවක් ඔක්ස්ෆර්ඩ් සංගමය විසින් එළිදක්වනු ලැබ ප්‍රදර්ශනය කර තිබේ.වසර 183  ඉතිහාසයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මෙලෙස ගෞරවයට පත්‍ර වුවන්  සිටියේ   15 දෙනෙකු පමණක් වීම එහි ඇති වැදගත්කමයි.

ලක්ෂ්මන් කදිරගාමර් ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය  සංගමයේ සභාපතිත්වය දරා ඇති අතර   ඔහුට අමතර ව තවත් ශ්‍රී ලාංකිකයන්  තිදෙනෙක් එහි සභාපතිත්වය දරා තිබේ.ලලිත් ඇතුලත්මුදලි මහතා ද එසේ සභාපතිත්වයට පත් වුවන් අතර වනවා.
ලංකාවේ විදේශ අමාත්‍යවරයා ලෙස කීර්තිමත් සලකුණක් සටහන් කරමින්  උත්තරිතර  නිහඬ සේවයක් කළ ඔහු තම නිවසේ දී වෙඩිතබා ඝාතනය කරන්නේ එල් ටි ටි ඊ සංවිධානය විවේචනය කිරීම සහ එය ජාත්‍යන්තරව එය තහනම් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ අභීත  හඬ නිහඬ කරමිනුයි.2005 වසරේදී ඔහු ඝාතනය කරන්නට මත්තෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියේදී මෙම සමරු ජායාරුපය එළිදැක්වූ අවස්ථාවේදී ඔහු කළ  කතාව පහතින් දක්වමි.

“මම කැමතියි  මගේ රටේ ශ්‍රි ලංකාවේ ජනතාව සමඟ  මෙම ගෞරවය බෙදා ගැනීමට. මා  පාසල් අධ්‍යාපනය ,උසස් අධ්‍යාපනය, විශ්ව  විද්‍යාලයට තේරී පත් වී නීති විද්‍යාලයට ප්‍රවේශ වීම ආදී මගේ ජිවිතයේ මුලික අඩිතාලම දැමුවේ මගේ රටේ ය.  මා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට  ඇතුළත් වන්නේ පශ්චාත් උපාධිය හැදෑරීමට පැමිණෙන තරමක් පරිණත  සිසුවෙක් ලෙසිණි.ඔක්ස්ෆර්ඩ් යනු කේක් එක මත ඇති අයිසින් වැනිය.නමුත් කේක් එක පුළුස්සනු ලැබුවේ මව් රටේදිය.”

මෙවන් මිනිසෙකු වර්තමාන පාර්ලිමේන්තුව තුළ දකින්නට නොමැතිවා සේම ඔහුගේ දැනුම, රාජතාන්ත්‍රික බව,දේශපාලනික බව  ඔහු ඝාතනය කළ ද ලෝකය තුළ අදට ද ඉතිරිව පවතී.
අප සිටින්නේ  ඔබ වැනි මිනිසුන් මේ රටට අවැසි  කාලයක ය.
මේ සටහන  රටට ආදරය කල ඒ සැබෑ මිනිසා වෙනුවෙනි.

Facebook Comments