free hit counter

චීනය ඉන්දියාවට අත දෙයි

සිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඉන්දියාව දැඩි ගැටලුකාරී තත්වයකට මුහුණ දී සිටින මොහොතේ තමන් උපකාර කිරීමට පසු බට නොවන් බව චීනය ප්‍රකාශ කර සිටියා.

එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින් විශේෂ නිවේදනයකින් කියා සිටියේ ලෝක අර්බුදයකදී අප එකිනෙකාට උදව් කළ යුතු බවත්,ඉන්දියාව සහාය ඉල්ලන ඕනෑම මොහොතක එය ලබා දීමට පසුබට නොවන බවද වැඩිදුරටත් දක්වා තිබුණා.

එන්නත් සමාන ලෙස ලෝකය පුරා බෙදා හැරීම පිළිබඳව සහයෝගය සහ තේරුම් ගැනීම අවශ්‍ය බව ද මෙහි දී ප්‍රකාශ වීම විශේෂත්වයක් .

Facebook Comments