free hit counter

“රට විනාශයට යනවා” ගෝඨාභයට ඉල්ලා අස්වෙන්නැයි ආණ්ඩුවෙන්ම ඉල්ලීමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය පාලනයේදී අකාර්යක්ෂම ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළ ලංකාව අරාජික තත්ත්වයකට පත්ව ඇති බවත් ආර්ථික වශයෙන් විනාශයට පත්ව ඇතිබවත් බවසමින් ආණ්ඩුවේම කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තාවේ.

ඔවුන් ප්‍රකාශ කරන්නේ ගෝඨාභය දේශපාලන ක්ෂේත්‍රයට ආධුනිකයෙකු වීම මෙවැනි තත්වයක් ඇතිවීමට හේතුව බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැනි විශිෂ්ඨ නායකයෙකු යටතේ කටයුතු කර ඇති අයවලුන් ලෙස තමන්ට පවා ගෝඨාභය ජනාධිපතිවරයාට වඩා හොඳින් රාජ්‍ය පාලනය කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ වනවිට රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සියලු බලතල ලැබිය යුතු බව තමන් විශ්වාස කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තව දුරටත් මෙවැනි තත්ත්වයක් දෙස බලා සිටිය නොහැකි බැවින් මෙම තීරණය ගත් බව ඔවුන් කියා සිටිනවා.

Facebook Comments