free hit counter

බැසිල් නොදැවී 70 යි

2005 ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ලබා ගැනීම ගැන මහින්ද රාජපක්ෂ සිටියේ දෙගිඩියාවකින් .ජනාධිපතිනිය ඔහු ගැන දැක්වූ නොරිස්සුම්භාවය ත්, ජේෂ්ඨ සමාජිකයින් කීප දෙනෙක් ම ඒ ගැන ඇස ගසා සිටීමත් එයට හේතු වුණා.මහින්ද හිටියේ අවුල් වී ගිය මනසකින් .දේශපාලන ජිවිතයේ කෙතරම් තාඩන පීඩන උහුලාගෙන සිටිය ත් මේ අවස්ථාව ඔහුට නුහුරු වුණා. ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමත්,එය පවත්වන වසර පිළිබඳව තිබු ගැටළු සහගත බවත් සහ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් නොමැති කමත් යන එකිනෙකට එකක් එතුණු ප්‍රශ්න ඔහු ඉදිරියේ හිසරදයක් බවට පත් වුණා.

බැසිල් කියන්නේ දේශපාලන පිටිය දෙස වසර ගණනාවක් විමසිලිවන්තව බලා සිටිය කෙනෙක්.තම පරපුරේ දේශපාලන අත්දැකීම් වලින් පෝෂණය වී ඇතුළත නොසිට පිටත සිට එය නැරඹීමෙන් ලද ආස්වාදයෙන් කුල්මත් ව සිටි ඔහු තම සහෝදරයාගේ අභියෝගය දෙවරක් නොසිතා බාර ගන්නවා. එදා රුපවාහිනීයේ ඔහු සිටියේ නෑ .ප්‍රසිද්ධ වේදිකා වල සිටියේ ද නැ.කොටින්ම කියතොත් මහින්ද සිටින කිසිම තැනක ඔහු නැත.එය මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත් වීමේ එකම රහස බව බොහෝ දෙනා දැන ගත්තේ ජයග්‍රහණයෙන් පසුව ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මැතිවරණ දිනය පිලිබඳ ගැටලුවට පිළිතුර සොයා ගත් බැසිල් ඊළඟ පියවර තබන්නේ ජන්ද මංකොල්ලයන් සිදුවන උතුරේ LTTE පාලන ප්‍රදේශ වල ජන්ද මධ්‍යස්ථාන නොපැවැත්වීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා ගනිමිනුයි.

මේ නිසා මුර කපොලු තුලින් ගිහින් ජන්දය දැමීමත්, මංකොල්ලයත් සිදු කිරීමට නොහැකි නිසා LTTE සාමාජිකයින් උරණව අනෙකුත් සාමාන්‍ය මිනිසුන්ද ජන්දය පාවිච්චි කිරීමෙන් වලක්වන්නට උණා .ඒ නිසාම අපහසුවකින් තොරව ගණන් හිලව් හැදු ආකාරයෙන් ම ජනාධිපති පුටුවේ තම අයියා හිදුවන්නට ඔහුට හැකි වුණා..

ජනතා විමුක්ති පෙරමුණ සහ හෙළ උරුමය සමඟ සන්ධානගත වීම නොබිදී පවත්වා ගෙන යාමටත්,අතාවුල්ලා සහ ඩග්ලස් දේවානන්ද තම මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමත් තුළින් පෙනෙන්නේ ගැටළු සමථනය සහ
සාකච්ජා කිරීම් පිළිබඳව ඔහුට ඇති පරිචයයි.

අමාත්‍යවරයෙක්,ජනාධිපති උපදේශකවරයෙක් සහ දේශපාලන සාකච්ජාකරුවෙක් වන බැසිල් පසුගිය කාලයේ අත්අඩංගුවට පත් වුයේ මුල්‍ය වංචා කිරීමේ චෝදනා වලට මුහුණ දෙමිනුයි.

2015 යහපාලන රජය විසින් ඔහුව අත්අඩංගුවට ගත්ත ද ඇප මත නිදහස් වූ ඔහු ඊට මාස කිපයකට පසු දේශපාලන පක්ෂයක් නිර්මාණය කර නැවත බලය ලබා ගැනීමට දායක වන්නේ ඔහුගේ විශිෂ්ට දේශපාලන භාවිතය පිලිබඳ ව නැවත ඒත්තු ගන්වමින්.

රාජ්‍ය තාන්ත්‍රිකව මහින්ද ආණ්ඩුවට එදා ඉදන්ම බැසිල් ආභරණයක්.විශේෂයෙන්ම යුද්ධයේ වඩා තීරණාත්මක අවස්ථා වලදී බැසිල්ගේ මැදිහත්වීම ප්‍රශංසනීය යි.ඉන්දියාවේ ආණ්ඩුව සහ කරුණානිධි ගේ තමිල්නාඩුව අතර ශ්‍රීලංකාව කෙරේ පැවති මතභේදය සුමට කරන්නේ බැසිල්ගේ මැදිහත් වීම මතයි.ජපානය,ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් ලංකාව වෙත යළි නැගී සිටීම වෙනුවෙන් උදව් කරන්නේ ම බැසිල්ගේ තිබු තීක්ෂණ සබදතා වල දිගුවක් ලෙසයි.
විශේෂයෙන් ම චීනය ලංකාව වෙත ප්‍රවේශයේ පාදම මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇල්ම ලංකාව වෙත යොමු වන්නේද බැසිල්ගේ ජාත්‍යන්තරය දිනා ගැනීමේ සුක්ෂම පිළිවෙත නිසයි.

අද බැසිල් සාධකය පොහොට්ටුවේ දේශපාලනය අර්බුදය තුළ කරලියේ ඉහලින්ම තිබෙන මාතෘකාවක්.තුනෙන් දෙකක් අරන් හදපු ආණ්ඩුව බැසිල්ගේ වැඩ නිසා වැටෙන්න යනවයි කියන කාරණය දේශපාලන ලෝකයේ ඉදිරිය ට ඇවිල්ලා.රනිල් වික්‍රමසිංහ හැරුණු කොට ලංකාවේ දේශපාලනයේ ඩීල් දානව නම් ඒ බැසිල් තමයි.දේශපාලන ලෝකය මේ දෙන්නා දකින්නේ ඒ විදියට.

බැසිල් “බලය” කියන සංකල්පය ප්‍රයෝගිකව ක්‍රියාවේ යොදවන පුද්ගලයෙක්.ඒ නිසා මොන කතා තිබුණත්.රාජපක්ෂවරු කොච්චර එපා උණත් බැසිල් අවසානයේ දී ඒක වෙනස් කරන්න ඉඩ තියනවා.මොකද ඔහුගේ ක්‍රීඩා විලාශය අනිත් අයට වඩා සම්පුර්ණයෙන් ම වෙනස්.රටේ නායකත්වය ඔහු ගාව නවතින්නත් ඉඩ තියනවා.

බැසිල් හොදයිද කියල ඇහුවොත්,මම නම් කියන්නේ පට්ට අවුල් කියල,එත් බැසිල් දක්ෂයි.ඒක බැසිල් ඔප්පු කරලා තියනවා.බැසිල් හොරකම් කළා ද ?නැද්ද ? කියල ඔප්පු කරන්න සාක්ෂි තියෙද්දිත් බැරි උනා නම්,ඔහු නවතින්නේ කොතනද කියන එක අයෙත් හිතන්න වෙනවා.

බැසිල්ට දැන් 70 යි.රාජපක්ෂ පරපුර තව කොච්චර කල් සෙල්ලම් කරනවද කියන එක,දන්නෙත් බැසිල් ම තමයි.

Facebook Comments