free hit counter

සජිත් නායකයා වුණේ අවුරුද්දකට පමණයි – හර්ෂ ද සිල්වා

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරන්නේ සමගි ජන බලවේගයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස පත්ව ඇත්තේ වසරක කාලයකට පමණක් බවයි. ඒ අනුව වසරක් අවසානයේ පැවැත්වෙන ඡන්ද විමසීමකින් අනතුරුව නව නායකයා තෝරාගනු ඇති බවත් ඒ සඳහා ඕනෑම අයෙකුට ඉදිරිපත්විය හැකි බවත් ඔහු ප්‍රකාශ කරනවා.

එසේම මෙවැනි ආකාරයකට තම දේශපාලන නායකත්වය තෝරා ගත හැකි එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව ඔහු පවසනවා.

වැඩි දුරටත් අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා පවසන්නේ සජිත් අනවශ්‍ය ලෙස හැසිරුණොත් වෙනත් අයෙකු නායකත්වයාට් පත්විය හැකි බවයි.

Facebook Comments