free hit counter

මරණය එළිපත්තේ සිට ලියමි – කොවිඩ් රෝගියෙකුගේ අවසන් සටහන

හද ගැස්ම ක්‍රමයෙන් වැඩිවේ, කියන්නට හෝ අසන්නට කිසිවෙකුත් නැත. යාලු හිතමිත්‍රාදීන් ආදරණීයන් කිසිවෙකුත් මා අසළ නැත කොයි මොහොතක හෝ මේ අසීරුතාවයෙන් මියයන්නට සිදුවන බව දනිමි.

බලාපොරොත්තු, ආශාවන් සියල්ල මායාවක් වී අවසන්ය. මරණය පමණක් ඉතිරිව ඇත.

මරණ මොහොතේ මේ කතාව කියන්නට අවැසිය.

වරෙක උමතුවෙන් මෙන් වසර 70 කට වැඩි කාලයක් මෙරට විනාශ මුඛයට ගෙනගිය මිනිසුන්ගෙන් රටේ අනාගතය බේරාගන්නට පාලකයෙකු ගෙන එන්නට කළ සටන මරණ මොහොතේ හිතේ ඇඳේ.

සිදුවුයේ කුමක්ද අවසන කුහක නොසැලකිලිමත් මා තෝරාගත් පුද්ගලයාගේ නිවට පාලනය මගේ මරණය මට තෝරා දී තිබේ.

මරණයෙන් බේරා ගන්නට දැන් ඔහුට නොහැක නමුත් සත්‍ය ලෙසම ක්‍රියා කළා නම් කිසිවෙකු මරණයට පත් නොවනු ඇත.

ඒ වෙනුවට වෙනත් මොනවදෝ කරමින් ඔහු උමතුවෙන් මෙන් හැසිරෙන්නේය.

මගේ මරණයට වගකිවයුතු මාය ඒ නිවැරදි මිනිසෙකු බලයට ගෙන ආවනම් ජනතාවට ආදරය කරන මිනිසෙකු බලයට ගෙන ආවා නම් මෙවන් ඉරණමක් දූපතක් වන අප රටට අත්වීමට ඉඩ නොමැති බව මට දැනේ.

ක්‍රමිකව වර්ධනය වන හුස්ම ගැනීමේ අපහසුතාවය උමතු බාවයකට ආසන්න හැඟීමක් ඇති කරමි. මෙය ඔබට කියන්නේ ජීවිතය ඉදිරියේ සත්‍යවාදී ලෙස දකින ආයාචනයක් කරමිනි. සැබෑ මිනිසුන් තෝරා නොගැනීමේ වරද අද දැනේ, නමුත් කිසිවෙකුට වරද පැටවිය නොහැක.

එකම ඉල්ලීමක් තිබේ, ජනාධිපතිතුමනි ඔබට හෘද සාක්ෂියක් ඇති බව නොසිතමි නමුත් ඔබගේ පවුලේ කෙනෙකු මෙයට ගොදුරු වුවහොත් ඔබ කළ වරද ඔබට දැනෙනු ඇත. එයට පෙර දැන්වත් මමත්වය අතහැර කටයුතු කරන්න ඒ අවසාන ඉල්ලීමයි.

Facebook Comments