free hit counter

හත් හැවිරිදි දරුවකුට අමානුෂික ලෙස පහරදුන් මව හා මිත්තණිය අත්අඩංගුවට

හත් හැවිරිදි දරුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන මවක සහ මිත්තණියක අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලීසිය පවසනවා.

ගනේගොඩ ප්‍රදේශයේ වෙසෙන මෙම පවුලේ දරු තිදෙනකු විහාරස්ථානයක දිවි ගෙවන බවත් ඔවුන් තිදෙනා නිවසට පැමිණි අවස්ථාවේ මිත්තණියට වන්දනා නොකළැයි කෝපයට පත්ව මව සහ මිත්තණිය මෙසේ පහ දීම සිදු කර තිබෙනවා.

වයස අවුරුදු දාසය, නමය හා හතේ දරු තිදෙනා විහාරස්ථානයක වෙසෙන අතර දියණිය පමණක් නිවසේ සිටින අතර මව විසින් සහෝදරයාට පහර දෙන අවස්ථාවේ දියණිය විසින් මෙම වීඩියෝ ගත කිරීම සිදු කර තිබෙනවා.

Facebook Comments