free hit counter

තලංගම ව්‍යාපාරිකයා මාතලේට ගෙනවිත් මරා පුච්චා ඇත්තේ හොඳම මිතුරා

තලංගම තලාහේන ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු ඝාතනය කර මාතලේ රත්තොට කැලයකදී පුලුස්සා දමන ලදැයි කියන සිද්ධියට අදාළ සැකකරුවකු තලංගම පොලීසිය ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහුට සහාය දුන් බව කියන මොණරාගල සිට කොළඹ බලා එමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතතය වූ ව්‍යපාරිකයාගේ මිත්‍රයකු වන ප්‍රධාන සැකකරු හිස පිහියකින් කැපූ බව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සදහන් කර තිබෙනවා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ගේ පෙම්වතිය බව කියන පාර්ලිමේන්තුවේ ප්‍රධාන අංශයක සේවිකාවකගෙන් ද තලංගම පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පුවත්පතක පළවූ මංගල දැන්වීමකට අනුව තමා මෙම පුද්ගලයා සමඟ 2012 වර්ෂයේ සිට සබඳතාවක් පැවැත්වූ බවත් ඔහු තමා විවාහ කර ගැනීමට බලාපොරාත්තුවෙන් සිටි බවත් ඇය සිය පවසා තිබෙනවා.

Facebook Comments