free hit counter

බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ජනතාවාදී වැඩ පිළිවෙලට අකුල්හෙලන නිදහස් පක්ෂය එහි අවසානය දකිනු ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාල කාලයක් බලයට පත්ව සිටි දේශපාලන පක්ෂයකි, නමුත් අද වනවිට එහි තත්ත්වය ඉතා පහත් මට්ටමකට වැටී තිබේ.

පසුගිය මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව දේශපාලන පෙරළිකාරයා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත් නොවන්නට අද පාර්ලිමේන්තුවේ එක ආසනයකට පමණක් හිමිකම් කියනු ඇත.

ඒ යාපනයේ අන්ගජන් රාමනාදන්ගේ මන්ත්‍රීකම පමණකි, අන්ගජන් රාමනාදන් පාර්ලිමේන්තු යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති ඡන්ද පදනමක් නිසා නොව ඔහු සතුව ඇති මුදල් බලය නිසාවෙනි. මේ මුදල් පැමිණියේ කොහෙන්ද යන්න පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වුවහොත් අන්ගජන්ලාගේ නිරුවත හෙළිවනු ඇත. කැපිටල් එෆ්එම් යනු අන්ගජන්ගේ සහෝදරයාගේ ගුවන්විදුලි නාලිකාව බව නොරහසකි.

මෙවැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි නායකයා ලෙස පිළිගන්නේ පාස්කු බෝම්බයේ ප්‍රධාන චූදිතයය. එපමණක් නොව අධර්මිෂ්ඨ නිවට නායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් ලංකා ඉතිහාසයේ අශ්ෂ්ඨ නූගත්ම නායකයා ලෙස සලකන සිරිසේන නිදහස් පක්ෂයේ නායකයා ලෙස පිළිගන්නට තරම් එහි නිවට මන්ත්‍රී කණ්ඩායම ඇතුළු ඉතා සුළුතර පිරිසක් මහත් අභිමානයෙන් කටයුතු කරමින් සිටී.

මෙවැනි පහත් පුද්ගලයෙකු නායකත්වය දරණ පක්ෂයකට එකතුවී ඇති මිනිසුන් කෙතරම් අශිෂ්ඨ විය හැකිද?, පක්ෂයේ මහලේකම් ජයසේකරගේ වාචාලකම හැරෙන්නට පක්ෂයට ඉතිරිව ඇති මෙලෝ මළදානයක් නැත.

ජයසේකර නම් නිවටයා අද ලංකා ඉතිහාසයේ විශිෂ්ඨම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝග කරන්නට පටන්ගන තිබේ. ඔවුන්ගේ උත්සාහය සිරිසේන නම් පාස්කු බෝම්බයේ ප්‍රධාන චූදිතයා රැක ගැනීම මිස වෙන කිසිවක් නොවේ. වෙන කිසිවක් කරන්නට තරම් කිසිවෙකුත් අද නිදහස් පක්ෂය තුළ නැත.

අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝග කරමින් ලංකාව මුහුණ දී ඇති බැරෑරුම් තත්ත්වය ගැන නොසිතා තමන්ගේ විළිවසා ගැනීමට කටයුතු කරන නිදහස් පක්ෂය මීළඟ මැතිවරණයේදී එහි අවසානයට ළඟා වීම නොවැලක්විය හැකිය. තවදුරටත් සිරිසේන, ජයසේකර වැනි නිවටයින් මෙන්ම නිදහස් පක්ෂ වැනි පරාජිත දේශපාලන කණ්ඩායම් ප්‍රතික්ෂේප කරන ජනතාව ශ්‍රී ලංකාපොදුජන පෙරමුණ නම් ශ්‍රී ලංකාවේ පොදුජනතාවගේ පක්ෂය ජයග්‍රහණයෙන් විජයග්‍රහණයට ගෙනයනු ඇති.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ජනතාවාදී වැඩ පිළිවෙලට අකුල්හෙලන නිදහස් පක්ෂය නම් නිවටයා හෙට එහි අවසානය දකිනු ඇත.

Facebook Comments