free hit counter

රජය අපකීර්තියට පත්කරමින් උපුල් රෝහණගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය විසින් කොවිඩ් පාලනය කිරීම වැනි වසංගත තත්ත්වයක් පාලනය කිරීමේදී ගන්නා යම්යම් තීරණ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් සහය දක්වමින් කටයුතු කළ යුතු මොහොතක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ බොරු ප්‍රකාශ නිකුත් කරමින් රජය විසින් ගනු ලබන යම් වැදගත් තීන්දු වැරදි ආකාරයකින් සමාජගත කරමින් සිටින බව වාර්තා වේ, මේ අද (29) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උපුල් රෝහණ පැවසු අදහස්ය.

“අද වනවිට ලංකාව භයානක තත්වයකට ඇදෙමින් පවතිනවා. අවදානම් තත්වය දවසින් දවස වැඩිවෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපය තුළ තවත් රෝගීන් වැඩියෙන් වාර්තා වෙයි කියලා. කණගාටුදායක තත්වය තමයි, අද වෙද්දී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක අහඹු PCR පරීක්ෂණ වහාම අත්හිටුවන්න කියලා දැනුම් දීලා තියෙනවා”.

දැන් මේ පවතින තත්වයට අනුව ලොක්ඩවුන් කොට ආසාදිතයින් සොයා ගැනීම කළ යුතු අවස්ථාවක බලධාරීන් මෙසේ දැන්වීම ගැන කණගාටුක්.

අද උදෑසන බස්නාහිර පළාතට ඇතුළු වන ස්ථාන 12 ක අහඹු PCR පරීක්ෂණ ආරම්භ කර ඇති දැන්වූ නමුත් ඒ සමඟම වෙනත් දිස්ත්‍රික්ක කිහිපයක අහඹු PCR පරීක්ෂණ වහාම නවතන ලෙස දැනුම් දී ඇති බවත් ඔහු පැවසුවා.

“දැන් මේ පවතින තත්වය අනුව අහඹු PCR පරීක්ෂණ අත්හිටුවීම තත්වය වඩාත් තිව්‍ර කිරීමකි. PCR පරීක්ෂණ කිරීමේ ද්‍රව්‍ය වල හෝ එවන් ගැටලුවක් ඇතිනම් රටේ ජනතාව හා සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමයි කළ යුතු වන්නේ. එහෙම නැතුව PCR පරීක්ෂණ අඩු කරලා ජනතාව තුළ අසහනයක් ඇති කිරීමෙන් වන්නේ රෝගය තවත් පැතිරීම” යි

උපුල් රෝහණ මෙවැනි ආකාරයකට අදහස් ප්‍රකාශ කරන්නේ පටු දේශපාල අරමුණකින් යුක්තව බව විචාරකයන් පෙන්වා දෙයි.

Facebook Comments